02 කොටස

165 24 4
                                    

මයුර අයියා දිහා මන් ආයේ බැලුවත් එයා මාව ගනන් ගත්ත වගක් පෙනුනේ නෑ.ශෙනෙත්ම අයියත් කලබල වෙලා වගේ උඩ බිම් බලද්දි දෙවන්ම අයියා උගුර පාදලා මාත් එක්ක හිනා උනා.එකපාරටම මුන්ට මොකද්ද උනේ? සශේන් නම් ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නේ නිකන් ගල් ගිලලා වගේ.රිසානුත් මොනාහරි අමුතු දෙයක් දැකලා වගේ දෙවන්ම අයියා දිහා බලාගෙන.මින්සස්ටයි මටයි තමා වෙන්නේ මොනවද කියලා ගාණක් නැත්තේ.

'චුටී පුතා...ඔයාට කම්මැලී වගේ නම් මෙහෙට එන්න..'

නැන්දා කතා කරනවා ඇහුනු නිසා මන් හිටපු ඔක්කොමලා දිහා ආපහු පාරක් බලලා කිචන් එකට ගිහින් හිරමණේ උඩින් ඉදගත්තා.මොන තරම් සල්ලිකාරයෝ උනත් හිරමණෙ නම් කකුල් හතරේ එකක්..අපේ ගෙදර නන් එහෙම නෑ හැබැයි.

'මොකද පුතා මේ ටිකේ වෙන්නේ..'

'ඉන්නවා නැන්දේ...චුටි අයියලගෙ ගෙදර ගියානේ ගිය සතියේ...ඊයේ තමා ආවේ..'

'ආ කඩුවෙලද හිටියේ..'

'ඔව් අනේ...'

'අම්මා බලන්න එහෙම යන්නේ නැද්ද?'

'ස්පෝට්මීට් එහෙම ඉවර වෙලා අවුරුදු ලන්වෙලාම යන්න ඕන නැන්දේ...ජනවාරි ගියාට පස්සෙ ගියෙම නෑනේ..'

'යද්දි කියන්නකෝ මාත් මොනාහරි හදලා දෙන්න..'

'හරියෝ'

නැන්දා මාත් එක්ක අම්මා ගැන කතා කරද්දි මයුර අයියයි ශෙනෙත්ම අයියත් කිචන් එකට ආවා..

'මල්ලි....හෙට ඉස්කොලේ එනවද....?'

'ආ ඔව්ව්....'

'එහෙනම් කමක් නෑ..'

'ඇයි...'

'නෑ ඉතින් පෙලක් අය මූඩ් ගහලනේ මල්ලි නෑ කියලා...'

ශෙනෙත්ම අයියා ලාවට හිනාවෙලා ඇස් කොනින් මයුර අයියා දිහා බැලුවම එයා රවලා අහක බලාගත්තා..

'කවුද දන්නෑ නේද..'

'අර අනේ දහය වසරේ නන්ගිලා ටික.'

'හැප්පෝ චිංචිමාණවිකාලා ටික..'

මන් ඉතින් ගාලා ඉවර වුනු පොල් කට්ටකුත් කරකව කරකව කියද්දි ශෙනෙත්ම අයියා ආපහු පාරක් හිනා උනා...මයුර අයියා නම් කලින් වගේම රවාගෙන ඉන්නේ.දැක්කහම බය හිතෙනවා.ගෝනිබිල්ලා වගේ..

BROKEN WINGS |BLWhere stories live. Discover now