CHAPTER 06 🌕

328 50 16
                                    

වොල්ෆ් ටික වෙලාවක් කාර් එක දිහා බලාගෙන ඉදලා පොඩි howling එකක් කරලා ටික ටික කාර් එක පැත්තට ඇවිදගෙන ආවේ ජේකේ වොල්ෆ්ගෙ ඇස් දෙක දිහා බලාගෙනම කාර් එක රේස් කරද්දි.

ඒත් එක්කම වගේ ආපු ට්‍රක් එකේ එලිය නිසා වොල්ෆ් පස්සෙන් පස්සට ගිහින් කැලේ ඇතුලට දිව්වේ ජේකේ ස්ටියරීන් වීල් එකට හයියෙන් ගහද්දි.

ජේකේ කාර් එක පුළුවන් තරම් වේගෙන් ඉස්සරහට ඩ්‍රයිව් කලේ වොල්ෆ් ගිය දිහා යාන්තමට වගේ බලන ගමන්.
යූනා මේ කිසිම දෙයක් හිතාගන්න බැරුව විනාඩි ගානකට කලින් දැකපු වොල්ෆ් ගැනම කල්පනා කලා.

" ඔතනින් ඔතනින් හරවන්න "

එකපාරටම යූනා කෑගහද්දි ජේකේ කාර් එක බ්‍රේක් කලේ යූනා දිහා රවලා බලන ගමන්
යූනා යකෙක්ට බය උන පොඩි එකෙක් වගේ ජේකේ දිහා බලලා ආපහු ඉස්සරහ බලාගත්තා.

" අර පේන ගෙදර. එතන ඉස්සරහින් නතර කරන්න "

" මොකක්? ඒ ගෙදරද තමුන් දැන් නතර වෙලා ඉන්නෙ "

" ඔව් ඇයි? "

" ආහ්හ්හ්හ්හ් ඔම්මාාාාාාාාාා"

ජේකේ කාර් එක මග නතර කරලා හයියෙන් කෑගහද්දි යූනා ජේකේ දිහාම බලාගෙන හිටියා. ජේකේ කාර් එක ඉස්සරහට අරන් යූනාගෙ අපාට්මන්ට් එක ලගින් නතර කරලා යූනා කාර් එකෙන් බැස්සාම කාර් එක මීටර් 10ක් විතර ඉස්සරහට අරන් ආපහු නතර කලා.

යූනා ගේට් එක ළග ඉදන්ම ජේකේගෙ කාර් එක දිහා බලාගෙන හිටියෙ එතන නතර කලෙ මොකද කියලා දැනගන්න ඕනෙ නිසා.

" මේ භූතේ මොකද මෙතන නැවැත්තුවේ කාර් එක "

යූනා ගේට් එකට මුවා වෙලා හොරෙන් බලාගෙන හිටියෙ වෙන්නේ මොකක්ද කියලා.
ජේකේ කාර් එකෙන් බැහැලා එතනම තිබුන පොඩි ගේට් එකෙන් ඇතුලට ගියාම යූනාත් එයාගෙ ගේට් එකෙන් ඇතුලට ගිහින් අඩි 4ක් විතර උසට ගහලා තිබුන ලී වැටෙන් ⁣එහා පැත්තෙ ඉන්න ජේකේ දිහාම බලාගෙන හිටියා.

" ඔම්මා.. "

ජේකේ වටේම තිබුන ගෙවල් දෙවනත් වෙන්න එලියෙ ඉඳන්ම කෑගහද්දි ජේකේගෙ ඔම්මා ඇවිත් දොර ඇරියෙ යූනාගෙ අත දෙක ඔටෝම කට ළඟ නතර වෙද්දි.
යූනා ශොක් වෙලා වගේ ජේකේගෙ ඔම්මා දිහාම බලාගෙන ඉද්දි ජේකේගෙ ඔම්මා කළුවරේම ගේ දිහා බලාගෙන ඉන්නෙ කවුද කියලා බලන්න යූනා දිහා බැලුවා.
ඒ තප්පරක් යූනා අනිත් පැත්ත හැරුනෙ ජේකේගෙ ඔම්මා තමන්ව දකී කියන බයට

RED MOON [ JJK ] Completed Where stories live. Discover now