CHAPTER 18 🌕

274 50 12
                                    

යූනා අන්තිමට නම්ජුන්ගෙ මැන්ශන් එකේ ඉඳන් ඇවිත් අදට දවස් 4ක්. මේ දවස් 4ටම යූනා හිටියෙ එයාගෙ ඔම්මයි අප්පයි එක්ක එයාලගෙ මැන්ශන් එකේ. එදා ජේකේ යූනාව අපාට්මන්ට් එකෙන් දාලා ගියා විතරයි යූනා රෑම ඒජින් එක්කම මැන්ශන් එකට ආවේ ඒජින් උදේට යමු කියලා බල කරද්දිමයි.
මේ දවස් 4ම යූනා කිසිම කලබලයක් නැතුව එයාගෙ අප්පා එක්කම දවස ගෙවලා දැම්මෙ එකදිගට එන ටේගෙ කෝල් වලට පවා උත්තර දෙන්නෙ නැතුව.
එදා උන දේ නිසා යූනා හිටියෙ සෑහෙන්න ශොක් වෙලා. ඒ කිසිම කෙනෙක් එක්ක කතා කරන්න යූනාට ඕනෙ කමක් තිබුනෙ නෑ. යූනාට ඕනෙ උනේ ජේකේම කතා කරලා එයාට මේ දේවල් පැහැදිලි කරලා දෙන එක. ඒත් මේ දවස් 4ටම ජේකේගෙ එක කෝල් එකක්වත් අඩුම තරමින් මැසේජ් එකක්වත් ආවේ නෑ.
ටේගෙ ඉවරයක් නැති කෝල්ස් නිසයි, එයා බලාපොරොත්තු වෙන කෙනාගෙ කෝල් එක නැති නිසයි යූනා අන්තිමට ෆෝන් එකත් ඕෆ් කරලා දැම්මා.

යූනා එයාගෙ අපාට්මන්ට් එකේ ඉන්නවටත් වඩා සැහැල්ලුවෙන් මැන්ශන් එකේ හිටියා. සැහැල්ලුවෙන් හිටියා කිව්වට යූනා ඇත්තටම එහෙම රඟපෑවා. ඒජින්ටත් යූනාගෙ හදිසි වෙනස්වීම ලොකූ ප්‍රශ්නයක් උනත් ඒජින් ඒ ගැන ප්‍රශ්න කරන්න ගියෙ නැත්තේ මොනා උනත් යූනාම හිතලා ඒ ගැන කියයි කියලා හිතුන නිසා.

යූනා උදේම නැගිටලා එයාට කරගන්න සත්කාර ඔක්කොම කරගෙන මැන්ශන් ගාඩ්න් එක පැත්තට ගියේ මැන්ශන් එකේ ඉඳපු සර්වන්ට් කෙනෙක් යූනාගෙ උදේ ටී එක ගාඩ්න් එකටම ගෙනත් දෙද්දි.
යූනා ටී එක දාලා තිබුන මග් එකත් අතට අරන් දා⁣ගෙන ඉඳපු සෙරෙප්පු දෙකත් ගලවලා ගාඩ්න් එක පුරාම ඇවිදින්න ගත්තෙ ගාඩ්න් එකේ වවලා තිබුන තණකොළ වල සීතලට මුළු ඇඟම නිවෙනවා වගේ දැනෙද්දි. කොච්චර පිටට පේන්න සැහැල්ලුවෙන් වගෙ හිටියත් යූනාගෙ හිත මේ වෙලාවේ ගිනි ගොඩක්. එදා දැකපු දේවල් විශ්වාස කරනවද නැද්ද කියන එකවත් යූනාට හිතාගන්න බෑ. ඒ දේවල් කාටහරි කියනවද කියලා හිත නිදහස් කරගන්නවද? ඒත් කාටද කියන්නෙ? කිව්වත් කවුරුත් මේක විශ්වාස කරයිද? ඔය වගේ ප්‍රශ්න කෝටියක් විතර යූනාගෙ හිතේ හැමවෙලාවකම සක්මන් කලා.

" සෙරෙප්පු දෙක දාගන්න බබා. සීතලයි "

එකපාරටම ඇහුන කටහඬට යූනා යාන්තම් හිනාවෙන ගමන් ඒ පැත්තට හැරුනෙ මිස්ටර් පාක් හරිම ආදරණීය හිනාවකින් යූනා දිහාම බලාගෙන ඉද්දි.

RED MOON [ JJK ] Completed Where stories live. Discover now