THE END Pt 1🌕

317 47 13
                                    

යූනා මීරා කියපු වචනයක් ගානේ ඒ ගැනම කල්පනා කරන ගමන් එයාගෙ කාර් එක පැත්තට ඇවිදගෙන ගියේ ජේකේ කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව බලාගෙන ඉද්දි. ජේකේට දුවලා ගිහින් යූනාව එයාගෙ පපුවට තුරුල් කරගන්න ඕනෙ උනත් නම්ජූන් මීට දවස් දෙකකට කලින් කියපු කතාව නිසා ජේකේ එහෙම නොකර ඉන්න හිත හදාගත්තා.

" මනුස්සයෙක්ටයි, වොල්ෆ් කෙනෙක්ටයි කවදාවත් එකට ඉන්න බෑ කුකී. මම දන්නවා ඔයා යූනාට ගොඩක් ආදරෙයි. ඒ වගේමයි ඔයාගෙ අප්පත් ඔයාගෙ ඔම්මට ගොඩක් ආදරේ කලා. අන්තිමට ඒ ආදරේම එයාව විනාශ කරලා දැම්මා. ඔයාගෙ අප්පා වගේ විනාශ වෙන්න එපා කුකී. යූනා කියන්නෙ ලස්සන ජීවිතයක් තියන කෙල්ලෙක්. ඔයාගෙ ඔම්මට උන දේ එයාට වෙන්න දෙන්න එපා "

ජේකේ යූනා යනකන් බලාගෙන ඉඳලා කාර් එකත් අරන් යන්න ගියෙ මැන්ශන් එක ඇතුලට ගියපු මීරා ජේකේ යන සද්දෙට එලියට දු⁣වගෙන එද්දි.
ගේ⁣ට් එකෙන් එලියට දාන ජේකේගෙ කාර් එක දිහා මීරා අත්දෙකත් බැඳගෙන බලාගෙන හිටියෙ ටේ, ජිමින් දෙන්නා මීරාගෙ පිටිපස්සෙන් ඉඳන් මීරා දිහා බලන් ඉද්දි.
මීරා ජේකේගෙ කාර් එක පේන්නෙ නැති වෙනකන්ම බලාගෙන ඉදලා මැන්ශන් එක ඇතුලට යන්න හැරුනාම ටේ,ජිමින් දෙන්නා මීරා ළගට ඇවිත් නතර උනාම මීරා අහක බලාගත්තා

" හරි ලොකු වැඩක් කලා කියලද හිතන්නේ? "

" නම්ජූන් හ්යොන් නිසා තමුන් තාමත් බේරිලා ඉන්නෙ කියන එක මතක තියාගන්නවා මීරා. ඒක ඔළුවෙ තියාගෙන වැඩ කරනවා. කුකීට පාඩුවෙ ඉන්න දෙනවා. තමුන් ඔය හිතන් ඉන්න දේවල් කවදාවත් වෙන දේවල් නෙවෙයි "

" ඒක මම බලාගන්නම් "

මීරා ටේ, ජිමින් දෙන්නටම ගස්සගෙන එතනින් යන්න ගියාම ජිමින් අත මිට මොලවගත්තෙ ජිමින්ගෙ ඇස් නිල්පාටින් දිලිසෙද්දි. ටේ ජිමින්ගෙ කරට අත දාගෙන ජිමින්ගෙ පිටට පොඩි තට්ටුවක් දාලා ජිමින්වත් ඇදගෙන හාරා ඉඳගෙන ඉදපු බෙන්ච් එක පැත්තට ගියා.

Meanwhile jungkook

ජේකේ මැන්ශන් එකේ ඉදන් කෙලින්ම ආවේ මිස්ටර් පාක්ගෙ මැන්ශන් එකට. මිස්ටර් පාක්ගෙ ගාඩ්ලා දැනටම ජේකේව හොදටම දන්න නිසා ජේකේට කිසිම ප්‍රශ්නයක් නැතුව ඇතුලට යන්න පුළුවන් උනා.
ජේකේ කාර් එක ගාඩ්න් එකෙන් නතර කරලා මැන්ශන් එක ඇතුලට යන්න හදද්දිම මිසිස් ජොන් ගාඩ්න් එකේ ඉඳලා ජේකේ ළගට ආවේ ජේකේ දොර ළගම නතර වෙලා එයාගෙ ඔම්මා එක්ක හිනාවෙද්දි.

RED MOON [ JJK ] Completed Where stories live. Discover now