CHAPTER 21 🌕

249 47 10
                                    

" මෙන්න දැන් ලැබුන විශේෂ ප්‍රවෘත්තියක්!

සෝල් නගර මධ්‍යයේ පිහිටා තිබෙන සුප්‍රසිද්ධ සමාජ ශාලාවක පිටුපස තිබී හඳුනා නොගත් මළසිරුරක් සොයාගෙන ඇත. දරුණු තුවාල සහිත මෙම මළසිරුර මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා රැගෙන ගිය බවත් මෙම මළ සිරුර අසල තිබී සතෙකුගෙ යැයි සැක කෙරෙන නියපොත්තක් සොයා ගැනීමට පොලිසියට හැකි වූ බවත් පොලිස් ආරංචි මාර්ග විසින් පවසා ඇත. "

නිව්ස් එක ඉවර වෙනවත් එක්කම ජේකේගෙ අතේ තිබුන රිමෝට් එක මිස්ටර් ජොන් එයාගෙ අතට උදුරලා අරන් ටීවි එක ඕෆ් කරලා දැම්මෙ ජේකේ කකා ඉදපු ස්නැක් එක කටේම තියාගෙන ටීවි එක දිහායි මිස්ටර් ජොන් දිහායි මාරුවෙන් මාරුවට බලද්දි

" මොකක්ද අප්පා ඒ කලේ "

" මගෙ ඔළුව රිදෙනවා ඒකයි ඕෆ් කලේ "

ජේකේ මූණත් බෙරි කරගෙන සෝෆා ස්ටූල් එක උඩ තිබුන ෆෝන් එකත් අරන් නැගිට්ටෙ මිස්ටර් ජොන් එයාගෙ රූම් එක පැත්තට යද්දි.

" අප්පා ඇයි නොන්ඩි ගහන්නෙ? කකුල මොකක්ද උනේ "

" ආහ් මේ උදේ නැගිටලා වොශ්රූම් එකට යන්න යද්දි බිත්තියේ වැදුනා "

මිස්ටර් ජොන් ජේකේගෙන් මූණ හංගගෙන එහෙම කියලා ආපහු රූම් එක පැත්තට ඇවිදගෙන ගියාම ජේකේ මිස්ටර් ජොන් ළඟට දුවලා ගිහින් මිස්ටර් ජොන්ගෙ කරට අත දාගෙන රූම් එකට එක්කන් ගියා.
ජේකේ මිස්ටර් ජොන්ව ඇඳෙන් ඉන්දවලා කකුල දිහා බලලා මිස්ටර් ජොන් දාගෙන ඉදපු සෙරෙප්පු දෙක ගලවන්න හැදුවම මිස්ටර් ජොන් එයාගෙ කකුල ඇදලා ගත්තා.

" ඇයි අප්පා ඔයා සෙරෙප්පුව ගලවන්න ඔයාට අමාරුනෙ නැත්නම් "

" මට වොශ්රූම් එකට යන්න ඕනෙ. ගිහින් ඇවිත් මම ගලවන්නම්. ඔයා ගිහින් නිදාගන්න දැන් "

මිස්ටර් ජොන් ජේකේගෙ උරහිසට අත තියලා නැගිටලා වොශ්රූම් එක ඇතුලට ගියාම ජේකේ ටික වෙලාවක් වොශ්රූම් එක දිහා බලන් ඉදලා රූම් එකෙන් එලියට ගියා.

******

යූනා; වූයොන්, ඒජින්, යුන්ගි තුන්දෙනාට ජේකේ ගැන, නම්ජූන්ගෙ පැක් එක ගැන, අවුරුදු ගානකට කලින් උන දේවල් ඒ හැම දෙයක්ම කියලා අදට දවස් දෙකක් ගෙවිලා ගිහින් තිබුනා. මේ දවස් දෙකටම හතර දෙනා එක්කම ප්ලෑන් කලේ ජේකේට එයාගෙ අප්පගෙ ඇත්ත තත්වෙ ගැන තේරුම් කරන්නෙ කොහොමද කියන එක. කලින් දවසෙ රෑ හම්බවුන බොඩි එකත් වොල්ෆ් කෙනෙක්ගෙම වැඩක් කියන්න ඔප්පු වුන නිසා හැමෝම දැනගත්ත මේකත් මිස්ටර් ජොන්ගෙම වැඩක් කියලා.

RED MOON [ JJK ] Completed Where stories live. Discover now