• පළමු වන දිගහැරුම •

1.3K 181 67
                                    


කලු පැහැති ඇමසන් වර්ගයේ සපත්තු දෙකක් පැලද ගත් එක් කැම්පස් ශිෂ්ශයෙක් මුලු කැම්පස් එක පුරාම පීරමින් හොයන්න ගත්තේ තමන්ගේ එකම හොදම යාලුවව . ජෙල් ගාලා හරි ගානට පීරලා හදා ගත්තු කැරලි කොණ්ඩයත් එක් අතකින් එහෙ මෙහෙ කරද්දි ඔහු ගේ තිබුනු කඩවසම් බව ඕනවවටත් වඩා ඉස්මතු උනා .

ඔහුගේ පලල් උරහිස තද දුඹුරු පැහැති ඇස් යාන්තමින් කැරලි ගැසුනු කොණ්ඩය කැම්පස් එකේ ඉන්න හැම කෙල්ලෙක්ගෙම වගේ හිත් හොරා ගන්න සමත් උනා . ඔහු නමින් යුගාන් අභිසෙස් . බලවත් ඇමතිවරයෙක්ගේ බාල පුතෙක් උනු යුගාන් කියන්නේ නාහට අහන්නේ නැති මුරණ්ඩු දඩබ්බර කොල්ලෙක් .

ඊටත් වඩා තමන්ගේ තාත්තගේ ඇමති බලය පාවිච්චි කරලා තමන්ට ඕනේ හැමදේයක්ම කර ගත්තු පොඩි ඇට්ටරයෙක් . යුගාන් අවේලාවේ කැම්පස් එක පුරාවටම ඇවිදින එක ගැන අහන්න කිසිම ප්‍රොෆිසෙර් කෙනෙක් නම් එඩිතර උනේ නැහැ . මොකද එහෙම කලොත් අනිවාර්යයෙන්ම ඒ කෙනාගේ රස්සාව උනත් නැති වෙන්න පුලුවන් .

හැම කෙනෙක්ම යුගාන්ට දක්වපු බය නිසාම කැම්පස් එක ඇතුලෙදි යුගාන් ගොඩක් කැපී පෙනුනා . තවමත් තමන්ගේ යාලුවා උනු සිතිජ අක්නෙව් කියන අනිත් හිතුවක්කාරයව යුගාන්ට හොයා ගන්න බැරි වුනු උනා . ඒත් ලෙක්චස් කට් කරලා සිතිජ යනවා නම් යන්නේ ලයිබ්‍රි එකට විතරක් වුනු නිසා යුගාන් ලයිබ්‍රි එකට යන්න හිතුවා .

ඉක්මනින් ලයිබ්‍රි එක දිහාවට යුගාන් අඩි තියමින් එද්දි ඒ ලගින්ම හිටපු කෙලි නැට්ටියෝ ටික මහ පෙරේත බැල්මක් යුගාන් දිහාවට යොමු කර ගෙන හිටියා . ඒත් යුගාන් නම් ඔය එක නැට්ටියෙක් වත් කිසිම ගානකට නොගෙන ලයිබ්‍රි එක ඇතුලට ඇතුල් උනා . 

ලයිබ්‍රි එකේ මොකෙක් වත් පේන්න නැති උනත් යාන්තමින් ගිටාර් එකක් ප්ලේ කරන සද්දයක් විතරක් ඇහෙන්න තිබුනා . ලයිබ්‍රි එකේ එහා කෙලවරේ ඉදන් මෙහා කෙලවරට ආපු යුගාන් දැක්කේ පොත් රාක්ක දෙකක් මැද පූස් නාම්බෙක් පොලේ ගහලා වගේ ලොකු වේදනා බර වූ ශෝකාන්තයකින් ගිටාර් එක ප්ලේ කරන සිතිජව .

සිතිජගේ දෙක වෙලා තියෙන මූණ දැක්කම නම් යුගාන්ට හිතා ගන්න පුලුවන් උනා මූ මොකක්ම හරිම වැඩක් කෙලවගෙන තමා ඔහොම ඉන්නේ කියලා . සිතිජගේ ඇග උඩින් පැන්න යුගාන් සිතිජගේ පස්සත් බාගයට පයින් පාරක් ගහන ගමන් උගේ එහා පැත්තෙන්ම වාඩි වුනා . වෙනදා යුගාන් ඔය වැඩේ කරද්දි සිතිජත් ගේම අතාරින්නේ නැහැ .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now