• දෙවන දිගහැරුම •

720 160 74
                                    


" තීනූ බබා ඇයි ඔයාට බැරි එක පාරක් මට ආදරෙන් කතා කරන්න "

" මේ යනවද යන්න පාඩුවේ !! අනික කී පාරක් නම් කියන්නද මම තමුසෙගෙ බබා නෙමේ කියලා !! ඔච්චරටම බබෙක් ඕනේ නම් කැම්පස් එකේ කෙල්ලෙක් සෙට් කර ගෙන බබෙක් හදා ගන්නවකෝ මට වද දෙන්නේ නැතුව "

තීනු තමන්ගේ අතේ තිබුනු පොත් සෙට් එකෙන් යුගාන් ගේ ඔලුවට පාරක් දෙද්දි යුගාන්ගේ මුලු මූණම බෙරි වෙලා ගියා . මොන හේතුවකට තීනු යුගාන්ට මෙච්චර අකමැති උනාද මන්දා ! තීනු ගේ පාර යුගාන් හරස් කර ගෙන හිටපු නිසාම තීනු යුගාන්ව තල්ලු කර ගෙන යන්න හැදුවත් යුගාන් තීනුගේ අතින් අල්ලන් තීනුව නතර කලා .

" අනේ ඕයි වෙන ගෑනු ඕනේ නම් අවුරුදු ගානක් තිස්සේ තමුසෙගේ පස්සෙන් එන්නේ නෑනේ ... මට මහන්සී ඕයි ආදරේ ඉල්ලලම ටිකක් තේරුන් ගන්නවා මම තමුසෙ ගාව විතරයි මෙහෙම නැවෙන්නේ "

" දැන් මම කිව්වද මට ආදරේ දිදී පස්සෙන් ඇවිත් මං ඉස්සරහ නැවෙන්න කියලා "

" ආර්ර්ර්හ්හ් ඇයි තීනූ තමුසේ මට මේ තරම් දුක් දෙන්නේ "

" දුක් දෙන්නේ මට වෙන දෙන්න දෙයක් නැති නිසා "

" ඉතිම් යකෝ සැප දියන්කො !! "

ඒක ටිකක් යුගාන් හයියෙන්ම වගේ කෑ ගහලා කියද්දි කැම්පස් එකේ හිටපු සමහර කොල්ලෝ කෙල්ලෝ මේ දෙන්නා දිහා හැරි හැරි බැලුවා . යුගාන්ට නම් ඒවා කොහොමත් ගානක් නැති උනත් තීනු තමන්ගේ පොතෙන් මූණ වහ ගන්න ට්‍රයි කලේ යුගාන් කියපු කතාව නිසාමයි . තීනූ මූණ වහන් ඉන්න පොත යුගාන් ඇදලා ගනිද්දි තීනු ඒ සැනින්ම යුගාන්ගේ පපුවට පාරක් ගැහුවා .

ඒත් යුගාන්ට නම් ඒක දැනුනේ වත් නැහැ . තීනුගේ පොත තීනුට ගන්න බැරි වෙන තරමට යුගාන් උස්සන් ඉද්දි තීනු තමන්ගේ පොත උඩ පැන පැන ගන්න ට්‍රයි කලා . යුගාන්ට මේ වැඩේ හරි ජොලි උනාට තීනු නම් හිටියේ හොදටම තරහා ගිහින් . තමන්ගේ මුලු මූණම රතු කර ගෙන තීනු යුගාන්ට බනින ගමන්ම තමන්ගෙ පොත ගන්න ට්‍රයි කලා ..

තීනුව යුගාන්ට හුරතල් වගේ පෙනෙද්දි තීනුට නම් ඕනේ උනේ දැන් මේ ඇමති පුතාව කෝටු මස් කරලා දාන්න .. මුලු කැම්පස් එකක් මැද මේ දෙන්නගේ විකාරේ කට්ටිය දැක්කත් ඒක කවුරුත් වැඩිය ගනන් ගන්න නම් ගියේ නැහැ . මොකද සාමාන්‍යයෙන් මේ දෙන්නා මෙහෙම මරා ගන්නවා කියලා කැම්පස් එකේ හිටපු හැමෝම දැනන් හිටියා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now