• විසිවන දිගහැරුම •

554 138 122
                                    

" What the fuck !! තීනු උබ මොනවද මේ කරන්නේ ?? "

ලෙක්ච හෝල් එකේ අමතක වෙලා තමන්ගේ පොත දාලා ගියපු තීර්ථ ආයෙම පොත ගෙනියන්න ලෙක්ච හෝල් එකට එනකොට දැක්කේ පිස්සුවෙන් වගේ කිස් කරන තීනුවයි යුගාන්වයි . ඒක දැක්ක හැටියෙම තීර්ථගේ කකුල් දෙකත් පණ නැති උනේ යුගාන්ට අම්බානක බැනපු එකා දැන් යුගාන්ව දාගෙන කිස් කරන නිසා . හෝල් එක මැද ඉදන්ම තීර්ථ හයියෙන් තීනුට කෑ ගහද්දි තීනු ගැස්සිලා වගේ පිටි පැස්සට හැරුනා .

ඒ හැරෙද්දි තීර්ථ ඇස් දෙකත් ලොකු කරන් තමන් දිහා බලන් ඉද්දි තමන්ගේ ශර්ට් එකේ ගැලවිලා තිබුනු බට්න් ටික තීනු ඉක්මනට දා ගත්තා . යුගාන් තමන්ගේ යටි තොලත් මහපඩ ඇගිල්ලෙන් පිරිමදින ගමන් තීනු දිහා බලද්දි තීනු හරි කලබලෙන් තමන්ගේ අත්ල පිරිමදින්න ගත්තේ තීර්ථ ගෙන් මොන වගේ ප්‍රතිචාරයක් තමන්ට ලැබෙයිද කියලා හිතා ගන්න බැරුව . ඇත්තටම තීර්ථට තීනු ගැන හුගක් කලකිරුනා .

" උබ ඇයි මට බොරු කිව්වේ ?? ඇත්ත කියපන් තීනු කොච්චර කාලයක් වෙනවද උබලා යාලු වෙලා ?? "

තීර්ථ තීනු දිහා බලන් අහද්දි තීනු යුගාන් දිහා බැලුවා . කිස් කරන්න ආදරේ කරන්නම ඕනේ නැහැ කියලා තීනුට කියන්න ඕනේ උනත් ඒකෙන් යුගාන්ගෙ හිත රිදේවී කියලා තීනු මුකුත් නොකියා හිටියා .

" උබ හිතන දෙයක් මෙතන නැහැ "

" පරයා උබ බොරු කියන්න හදන්න එපා !! මගෙ ඇස් දෙකෙන්ම දැක්කනේ උබලා දෙන්නා කට වල් කනවා !! "

තීර්ථ නුරුස්සන ස්වාභයකින් කතා කරද්දි තීනු තීර්ථ ගාවට ගිහින් තීර්ථගේ අතින් අල්ල ගත්තා . මොනවා උනත් තීර්ථව තරහ කර ගන්න තීනුට බෑනේ .

" අනේ තීර්ථ උබට මාව විශ්වාස නැද්ද කියපන්කෝ "

" නැහැ මට උබව සත පහකට විශ්වාස නැහැ !! "

තීර්ථ ගත්තු කටටම එහෙම කියද්දි තීනුගේ මූණ රොටියක් වගේ උනා . කොහොමත් තීනු වෙලාවකට කටුස්සා වගේ වෙස් පෙරලන නිසා තීර්ථ උනත් තීනු ආශ්‍රය කලේ හරි පරිස්සමෙන් . මොකද තීනු ඔහොම හිටියට යටින් ගේම් දෙන්න උපන් හපනා කියලා තීර්ථ දැනන් හිටියා . ඉතිම් මේකත් තීනුගේ යටි කූට්ටු වැඩක් කියලා තීර්ථ සැක කලා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now