• විසිඑක් වන දිගහැරුම •

628 134 117
                                    

" හස්නා මෙහෙට වරෙන් !! මම ආවොත් තමුසෙගෙ කන පලනවා "

යුගාන් තමන්ගේ කාමරේ ඉදන් හස්නට කෑ ගහන්න ගද්දි උදේම මේ යකා තමන්ට කෑ ගහන්නේ මොකද කියලා හිත හිතා හස්නා යුගාන්ගේ කාමරේට එබුනා . හස්නා යුගාන්ගේ කාමරේට යන කොටත් යුගාන් තමන්ගේ ඉනට අත් දෙකත් තියන් හස්නා දිහා බලා ගෙන හිටියා . හස්නා ඔලුවත් කස කසම යුගාන් ගාවට ගිහින් යුගාන්ගේ ඉස්සරහින් හිට ගත්තා .

" මොකද බං අයියේ උබ කෑ ගහන්නේ "

" උබට කිව්වා නේද මං මේ පූස් නකුටව ගෙනාපු තැනටම ගිහින් දාන්න කියලා !! අර බලපන් ඌ මගේ ඇදේ චූ දාලා බං "

යුගාන් තමන්ගේ ඇදේ චූ දාලා ඉන්න හස්නගේ පූස් පැටියා දිහා බලන් තරහින් පුපුර පුපුර කියද්දි හස්නා යුගාන්ගේ ඇදේ හිටපු තමන්ගේ පූස් පැටියව අරන් තුරුල් කර ගත්තා . යුගාන් තීනු එක්ක සෙට් වෙලා එදා හස්නවත් දාලම ගෙදර ආපු නිසා හස්නට ගෙදර එන්න උනේ එදා තනියෙන් කොහොම හරි කෙල්ල බස් එකෙන් බැහැලා ටික දුරක් එද්දි දැක්කේ පාර අයිනේ හිටපු චූටි පූස් පැටියෙක්ව .

බැලූ බැල්මට පූස් පැටියට අයිතිකාරයෙක් හිටියේ නැති නිසා හස්නා ඒ පූස් පැටියවත් උස්සන් ගෙදර ආවා . යුගාන් නම් පූස් පැටියව දැක්ක වෙලාවෙම හස්නට ඕකව ගෙනාපු තැනටම ගිහින් දාන්න කියලා කිව්වත් පූස් පැටියගේ මූණ දිහා බලන් ඒ වැඩේ කරන්න හස්නට බැරි උනා . ඒක නිසා යුගාන් තමන්ට බැන්නත් කමක් නැහැ කියලා හස්නා ඒ පූස් පැටියව තියා ගන්න උත්සාහ කලා .

ඒත් කොහෙද හස්නා පූස් පැටියව තමන්ගේ කාමරේ තියා ගන්න හැදුවත් ඒකා රිංගුවෙම යුගාන්ගේ කාමරේ අස්සට දෙතුන් පාරක්ම යුගාන් පූස් පැටියගේ පුකට දෙකක් දීලා කාමරෙන් එලියට දැම්මට පස්සේ ඌ ආයේ යුගාන්ගේ කාමරේට ගියේ නැහැ . රෑ නිදා ගන්න වෙලාවෙත් හස්නගේ ඇදේම ඉදලා උදේම පූස් පැටියා යුගාන්ගේ කාමරේට රිංගලා යුගාන්ගේ ඇදේම චූ කලා . ඒ නිසා යුගාන් හිටියේ අම්බානකට තද වෙලා .

" අනේ අයියේ බන්ටුට බනින්න එපා එයා දන්නේ නෑනේ "

" බන්ටු ?? ඒ මොකාද ?? "

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now