හත්වන දිගහැරුම~

132 31 2
                                    

"හෙලෝ ටේනූ අපි මේ උබේ ගෙදර ඉස්සරහා ඉන්නේ!! උබ කොහෙද??"

"හෙලෝ රවිහාර....කතාකරපන් බල්ලෝ බයනොක-"
.
.
.
.
.
.

"ඔයාලට පුළුවන් නම් 12-B අපාර්ට්මන්ට් එකට එන්න ලොකු දෙයක්,මම විස්තරේ කියන්නම්"
_______________

ආයුක් අපාර්ට්මන්ට් එකෙන් එලියට බැස්සේ සුපර්මාර්කට් එකට ගිහින් බයිට් එකට මොනාහරි ගේන්න කියලා,එයාගේ ආදරණීය මනමාල යාලුවා රවීන් එනකන් ආයුක්ට උනා එතන බිත්තර රකින්නත්~

ආයුක් මොකක් හරි නිසා පිටිපස්ස හැරුනා,නෑ සමහරවිට එයාට කෙනෙක් කතා කලා වගේ ඇහෙනකොට ආයුක්ට විශ්ව ශක්තියේ පණිවිඩයක් වගේ අකුණක් ගහලා වගේ පිටිපස්සට හැරුනා!!

"ම්ම්හ්...ආහ්...අතාරිනවා....අම්ම්ම්..හ්ම්ම්"

එහාට මෙහාට දගලන කොල්ලාගේ අමාරුව ආයුක්ට තේරෙන්න එච්චර වෙලාවක් ගියේ නෑ,අල්ලන්නේ මොනාද කියලා ලොකු අදහසක් නොතිබුනත්,කොල්ලෙක් වෙච්ච එයාටත් ගහගන්න හයියක් නැති වෙන්න අඩපන වෙලා ඇත්තේ අනිවාර්යයෙන් සැර මොකක් හරි කියලා හිතුන නිසා!!

පොඩ්ඩක් ඉන්න!!

ලප් ඩප්...ලප් ඩප්...ලප් ඩප්...

එ ඉන්නේ ඉස්සෙල්ලා ආයුක්ගේ ඇගේ හැප්පුන එයාගේ ටේනූ අයියාගේ හැඩේට සමාන කොල්ලා නේද???

හරි එච්චරයි ආයුක්ට කලින් ආයුක්ගේ ඇග එතනට දුවලා අර මිනිහට පෙරලගෙන ගහන්න ගත්තේ 12-B අපාර්ට්මන්ට් එකේ ඉදන් එලියට ආපු මනමාල රවීන් ආයුක්ව හොයන අතරේ,

අන්න එතකොට තමයි රවීන් දැක්කේ සිහිය නැතුව වැටිලා ඉන්න කොල්ලෙකුයි තව එයාගේ නසරාණී යාලුවා ආයුකුයි ආයුක් පෙරලගෙන ගහන මිනිහහයි!!

"ඕයි ආයූක්...ඔහොම හිටපන් මාත් එනකාම්!!"

එච්චරයි වෙන්නෝනේ උනේ, ආයුක්වත් පැත්තකට තල්ලු කරපු රවීන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ආයුක් ගහපු මනුස්සයාට ලේ පනිනකම්ම ගහන්න ගත්තේ ආයුක් හති ඇර ඇර බිම වැටිලා ඉන්න මනුස්ස පරානේ දිහා බලනකොට~

"ර්...රවීන්"

මුහුක්...රවීන් දාගෙන තාමත් නෙළනකොට ආයුක් රවීන්ව මැරෙන්න ලංවෙලා ඉන්න මිනිහගෙන ඈතකට තල්ලු කරලා දැම්මේ රවීන් රවාගෙන ආයුක් දිහා බලනකොට~

කාළ ස්වේත |TK Nonfiction | Slow update Where stories live. Discover now