"ගෙදර කාමර දෙකයි තියෙන්නේ නිසා!! ආයුක්ගේ කාමරේට ටේනුක් අයියා යන්න මම උශාන් අයියයි පැහැසර අයියයි එක්ක ඉන්නම්!!"
"කැහැක්...කැහැක්...කැහ්!!"
කැස්සක් එක්කම ආයුක්ට කාපුවා හිර උනාම උශාන් ගිහිල්ලා ආයුක්ගේ පිටට තට්ටු කරලා යනකන්වත් ටේනුක් නෙවෙයි කටක් හෙලෙව්වේ!!
ආයුක් ඒ එක්කම ඇස් දෙකත් රතු කරන් රවීන්ගේ දිහාට හැරිලා සම්ච්චලේට හිනාවෙන රවීන්ගේ ඇස් කියවන්න ගත්තේ නොයිවසිල්ලෙන්.
අද උබේ හොර වැඩේ මේ රවීන්ට හංගන්න බෑ!!
ඒකත් එක්ක ආපහු පාරක් කැහැපු ආයුක් පුටුවත් තල්ලු කරලා නැගිට්ටේ රවීන්ගේ මූන කුපාඩි විදිහට හැරවෙනකොට!!
"දැන් තෝ මොනාද කියන්නේ??"
"උබ ටේනුක් අයියා එක නිදියපන්!!"
රවීන් ගත් කටටම කියලා තවත් පැස්ටා හැන්දක් කටට ඔබාගත්තම උශාන් කෑගහන්න ගත්තේ සීරුවට කකා හිටපු පැහැසරගේ හැන්දත් බිමට වැටෙනකොට,මේ ළමයට හරියට කරදර අප්පා!!
"බෑ....මට බෑ මේ පොඩි පගයා එක්ක ඉන්න...උබට ඕන්නම් උබ නිදාගනිම්...මට බෑ!!"
උශාන් කෑගහනකොට රවීන් කට ඔහෙක් කරන් මේසේ යටින් උශාන්ට කියලා කකුලෙන් කෙළලා ඇරියම ඒක වැදුනෙත් පැත්තක හිටපු අහිංසකයා පැහැසරට!!
"මොන හුයන්නක්ද?? මොකද උබට වෙලා තියෙන්නේ මල්ලි??"
පැහැසරට තරහා ගිහින් වගේ කෑගහන්න ගත්තේ උශානුත් කෑගහගෙන ටේනුක්ව බදාගන්නකොට!!උශාන්ටනම් ටේනුක් දාලා නිදාගන්න බෑ කියලා මතයක් තරයේ තිබුණා!!
ආයුක් රවාගෙන ටේනුක් දිහා බැලුවත් ටේනුක්ගේ ඇස් කියවන්න ආයුක්ට බැරි උනා,ඒ කියන්නේ ටේනුක් මොකුත්ම හිතන්නේ නැද්ද??අයියා තරහවත්ද??සුදුපුතා නරක වැඩක්වත් කලාද??
"අහ්ම්...රවීන් මල්ලි අපි ගෙදර යන්නම්...මෙහෙ ඉන්න බෑනේ..ඔයාලා දෙන්නා මෙහෙ නිදාගන්න!! මුන් දෙන්නා යන්නෑනේ කොහොමත්!!"
ටේනුක් පුටුවෙන් නැගිටලා කුස්සිය පැත්තට යනකොට ආයුක්ට කෙළගුලියක් ගිල්ලුනා,ආහා...කමක්නෑ කමක්නෑ ඒකත් හොදට ගියානේ..නැත්තම් මේ විනාසකාරී මහා රාත්‍රියේ රවීන් කියන මනුස්සයා ආයුක් කියලා කෙනෙක් නැති කරන්නනේ ලෑස්ති උනේ!!
YOU ARE READING
කාළ ස්වේත |TK Nonfiction | Slow update
Non-Fictionඒ බෝල ඇස්~ වගකීම් පිරුණු මුරණ්ඩු ඇස්~ ඒ පණ්ඩිත නමුත් අඩන අහිංසකයාව මට ආපහු වතාවක් මතක් කලා~ ආයුක් ඉදුණිල් දීමන්ත දේදුනුපාය නොදැනීම මගේ මූනට හිනාවක් ආවා!!