Chapter 24

1.5K 167 17
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




හැමදාම එයා මට ගෙනල්ලා දෙන මල් කිනිති පොතක අලවලා පරිස්සමට එකතුකරගන්න එක දැන් මගෙ කැමතිම විනෝදාංශේ වෙලා.....

අදට සතියක්..මෙ සතියෙම හැම උදේකම බස් එකට නැගලා මන් ගාවින් වාඩිවෙලා හරි පරිස්සමට එයා අරන් ආපු මල් කිනිත්ත වටේ අයගේ ඇස් වහලා මගේ අතෙන් හොරාට තියනවා..හරිම හොරෙක් තමයි මේකා..තමන් ආදරෙ කරන පිරිමි ලමයගෙන් මලක් ලැබෙන එක කොයිතරම් නම් සුන්දරද කියලා මට දැන් තේරෙනවා..එක මල ඩේසි මලක් හෝ මිනි මලක් හෝ වේවා..මල මලමයි..මෙතනදී වැදගත් වෙන්නෙ අපිට එයා මලක් දුන්නයි කියන හැගීම විතරයි..

එයා හරි ආදරණීය පිරිමි ලමයෙක්..එයා කරන මෙ පොඩි පොඩි දේවල් මගේ හිත තදින්ම බැදෙනවා..මන් ලගදි එයා වෙලාවකට බබෙක්..තවත් වෙලාවකට මට සහෝදරයෙක්..තව වෙලාවකට හොද යාලුවෙක්..මන් වැඩියෙන්ම කැමතිම එයා ගාවදි තාත්තෙක්ගෙ වගේ රැකවරනයක් දැනෙන වෙලාවට...

පඩිපෙල් අතර එහා මෙහා යද්දි හදිසියෙ දෙන පුංචි හාදුවල, අතරමගදි හම්බුනාම කාටත් නොපෙනෙන්න මගේ අතින් අල්ලලා මුකුත් නොකල ගානට යන වෙලාවල, තමාලයගේ අතේ මට එවන එයාම ඇදපු පුන්චි පුන්චි සිතුවම් වල, මටත් හොරෙන් මගේ බෑග් එකට ගෙනල්ලා දාන සියඹලා ටොෆි වල ආදරනීය හැගුම් පොගවලයි තියෙන්නෙ.
මන් දන්නෙ මෙච්චරයී..මෙ මනුස්සයා නැතිවුනොත් මට පිස්සු හැදෙනවා එච්චරයී....

පීරියඩ් දෙකක් ඉවර වෙලා බෙල් කරන හැමවෙලාවකම උඩට නගින එක දැන් එයාට පුරුද්දක් වෙලා..ඇත්තටම බෙල් කරපු ගමන් එයා කොරිඩො එකේ ඉන්නවද කියලා බැලෙන එක මටත් දැන් පුරුද්දක් වෙලා..දොලාහෙ පන්තිවල වැඩ බලන්න එයාව පත්කරලා තියෙන්නෙ කියලා දැනගත්තම තමාලයා කිව්වෙ නරියට කුකුල්ලු බලාගන්න දුන්නා වගේ වැඩක් කියලයි..ඇත්ත ඉතිම්..සෙක්ශන් එකම බලාගන්න ඕන මනුස්සයා ආව වෙලේ ඉදන් කැරකෙන්නෙ අපේ පන්තිය ගාව විතරයි..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now