Chapter 39

850 114 44
                                    


රාත්‍රිය මනරම් කියා
සඳට තරුවට කවි ලියා
මාත් මගෙ හිත හදාගන්නම්
නුඹත් මා ළඟ නැති නිසා..

මගේ කවියක පද ගයා
දෑස් දෙකොනේ තෙත තියා
නුඹත් රෑ නිදි වරාගෙන ඇති
මාත් නුඹ ළඟ නැති නිසා



සුපුරුදු විදියටම අදත් වෙන්දා අදෝනාවම හිතේ මැවෙන්නගත්තා..මෙ අවුරුදු පහටම මගේ ඇස් රතුනොවුන රාත්‍රියක් නැතුව ඇතී..මගෙ කදුලු ගනින්න පුලුවන් වුනානම් කොට්ටෙ කියයි ඒ කොච්චරක්ද කියලා...

ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් තැලේ රිදී
ඔබ ගොළුයි හිතත් නිදී
ඔබව තාම මටද හිමී

මිරිගුවක්‌ සොයා ගොසින්
හිත ගිලන් උනා තමයි
හිමි නැතත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ලගයි

ඔය හිතින් පිදූ පෙමින්
ඇත දහස්‌ ගනන් පැතුම්
ඔබ ගියත් මගේ ලගින්
මගෙ හිතත් යන්න අරන්




මෙ කාමරේ අද එයා නැතුව පාලුවට ගිහිම්..වෙන්දට මෙ වෙද්දි එයා මගෙ එහාපැත්තෙ ඉදන් මා දිහා බලාගෙන ඉන්නවා..සමහර දාට එයා මටත් කලියෙන් නින්දට යනවා..තවත් දවස් වලට එයාට නින්ද යන වෙලාව මන්වත් දන්නෙ නැ..එ උනුහුමට හුරුවෙලා අද නින්දයන්නෙත් නැ..තාම දහයවත් වෙලා නෑ..සමහර විට එයා තාම නිදි නැතුවත් ඇති..වෙන්දට නම් pills වල සැරටම නින්ද යද්දි අද නින්ද අහලකවත් ගෑවිලා නෑ...

ටක්..ටක්...ටක්..

කවුද ඒ ගමන..අල්ලපු ගෙදර රත්නායකද දන්නැ..අපො එ මිනිහා නම් මලම වාතයක්..රත්නායක නෙමේ ඕකා ගූනායක...

"මැනිකෙ මම ආයෙ ගෙදර එනවා..
මට හරි කේන්ති යනවා..අඩො මෙ දොරෑපම් අඩෝ.."

ඒ වෙන කවුරුත් නෙමෙ මොන්ඩිසෝරි කාලෙ ඉදන් මගෙ නැට්ට වගේ ආපු වදකාරයා..

"මොකද බන් මෙ මහරෑ.."

"මොකද මොකද ගාන්නෙ..උබ නිදාගත්තේ නැතිද..වෙන්දට නමය වෙද්දි බුදිනේ..මොකො අද පැල් රකින්නද අදහස..අර කියන්නෙ..
රන්කද තාම පැල් රකිනවදෝ නිදිමැතුව..ආ උබ ඒමද.."

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now