24.

1.5K 268 152
                                    

"හා.........ච්චිං!!"

"ඊයා අලේ!! එහාත වෙලා අලිනවකෝ ඕක ඇගෙත් එක්ක මගේ!!"

පාලනය කරගත නොහැකි හච්චිමක් ගියායින් හොටු පොඩ්ඩක් හිච්චාගෙ ඇගට වැටිලා ඌ මල අප්පිරියාවෙන් කෑගගහ වොශ් රූම් එකට දිව්වා. හොටු පොඩ්ඩක් ගෑවුනා කියල මැරෙනවයැ.. මල විකාර!

"අනේ ඇත්තටම උබගෙ ඔය පැටික්කිගෙ වහලෙ හදාගනිකෝ බන්.."

අම්මා දුම් දාන සමහන් එකක් අරන් එන ගමන් එහෙම කිව්වාම
මම සමහන් එක අතට අරගන අම්මගෙ මූණ දිහා බැලුවෙ ඒ කිව්ව හරුපේ තේරුනේ නැති නිසා

"වහලෙ? ඇයි ඒ වහලෙ හදන්නෙ?"

"ඇයි අහන්නෙ බන් වැස්සක් වැස්සොත් උබ තෙමිලනෙ එන්නෙ. වහලෙන් වතුර වැක්කෙරෙනව ඇති කියල මම හිතුවෙ..නැත්තම් වහලයක තියන වාහනයක් තිබිලත් බෙරි බත් වෙන්ඩ තෙමිලා එන්නෙ. දැන් මේ එක වංගියක් උණක් හදාගන හොද උනා විතරයි ආයෙ හදාගත්තා..බංගලාවෙ තුහින පුතාව එහෙම වැස්ස වෙලාවට ඔය බඩකඩිත්තුවෙ දාගන යන්නෙපා උබ. ඒ කොල්ලවත් තෙමන්ඩ!"

අම්මා කියෝ කියෝ මගේ එහාපැත්තෙන් ඉදගත්තාම මම උනුවෙන්ම සමහන් උගුරක් බිව්වා..

බංගලාවෙ තුහින පුතා තමා මාවත් වැස්සෙ තෙම්මෙව්වෙ කියල කියන්න කට හදලත් මම මොනාත් නොකියා සමහන් එක බිව්වා. අමතක කරල ඉන්න හදන්න හදන්න ඒ මගුලමයි මතක් වෙන්නෙ.. හිරිගඩුත් පිපෙනව මගුල!

සමහන් එක බීලා මම එහෙමම ආයෙ ඇදට වැටුනා.. අද දවසම මම හිටියෙ බඩ පපුව දන ගමන්.. තුහින අයියාගෙ මූණ මතක් වෙන සැරයක් ගානේ මගෙ බඩ පපුව පත්තු වෙනවා..

ඔක්කොටම වඩා බංගලාව ළඟින් බැහැලා යද්දි මගේ කනට  කරලා කිව්ව වචන ටිකෙන් මගේ නම්බුව කකුල් දෙක අස්සෙන් වැක්කෙරුනා..

"හැබැයි නිදුක් මම ඉඹින්න ඇහුවෙ කම්මුලක්..!!!"

><
















"ජනෝඕඕඕඕඕඕ!! ඔන්න ඔයාගෙ ආදර කැටේ ආවෝඕඕඕඕඕ"

වෙලාව හවස පහ මාරට විතර ඇති. පිරිටන් එකක් බිව්ව නිසා කට කපලා ගිය නින්ද ඇහැරුනේ සහන්ගෙ සක්කිලි කටහඩට. වැඩ ඇරිලා එහෙම්ම මෙහෙ ඇවිත්ද කොහෙද. තේනුක බාප්පා කාර් එකේ හන්දි‍යටම ගෙනත් දාන නිසා මූ වැඩ ඉවර වෙලා විනාඩි පහලවෙන් ගෙදර.සැප වැඩියි පගයට..

ඇහි පිල්ලම් යට (TaeKook)Where stories live. Discover now