37.

1.2K 255 210
                                    

මූණට එලියක් වැටුන නිසා මම අමාරුවෙන් හිමීට ඇස් ඇරියා.. ඊයෙ රෑ තමයි රෑ. මේ මිනිහා පැය එකහමාරක් විතර වොශෲම් එකේ තප්පලං ගහගන හිටියා.. මූ එනකල් බලන් ඉන්න ගිහින් මට එහෙම්ම නින්ද ගිහින්.. මේ අපතයා නිදාගන හිටිය මාව ..

"නිදුක්!! ඒයි නිදුක් නිදුක්... ඒ නැගිටින්නකෝ නිදුක්!!!"

ගාලා හෙන හයියෙන් හොලවල හොලවලා අහස කඩන් වැටෙනව වගේ මහා සද්දෙන් කෑගහලා මාව හෙනට බය කරල ඇහැරෙව්වා. මම හිතුවෙම මොකක් හරි කරදරයක් වෙලා තමයි ලොවෙත් කියල.. මම දඩබඩ ගාලා නිදි ගැට කඩ කඩම නැගිටල හිටගත්තාම මූ ඉන්නව ගිණි කුකුළා වගේ නාලා ටවල් එකත් ඉනේ පටලගන මහාම අපත තුප්පහි හිනාවක් දාගන..

මම මොකුත් හිතාගන්න බැරුව ඇසුත් ලොකු කරන් බලන් ඉද්දි මූ කියපි..

"මගෙ වැඩ ඉවරයි ගිහින් ඇඟ සෝදගන්න නිදුක්.." කියල.. කිව්වා විතරක් නෙවේ මාව අතෙන් ඇදගන හරි ආදරෙන් එක්කන් ගිහින් වොශෲම් එක ඇතුලෙන් තියල දොරත් වැහුවා..

ඊටපස්සෙ ඉතින් මොනා කරන්නද නිදිමත බල්ලට දාලා මං ගිහින් නෑවා..

ඒක මතක් වෙලා දැන් මට හිනායන්නත් එනවා. බලු වැඩ කරලා දැන් පුකත් උඩ දාගන හොදට බුදි. අත පය හතර දිශා හතරක. ඊයේ රෑ තුන් පාරක් මූ නින්දෙන් මගෙ පුකට පයින් ගැහුවා කැකිරි ගුවන් නියමුවා!

මුනින් අතට නිදාගන ඉන්න නිසා මූණත් කොට්ටෙට තද වෙලා චප්ප වෙලා තොල් දෙකත් උල් වෙලා.. දැක්කම හපලා කන්න හිතෙනව හෙන හුරතල්.. ඒ දිහා බලන් ඉද්දි ආදරේ හිතෙන නිසා මං හිමින් සැරේ ඒ කොන්ඩේ අස්සෙන් ඇගිලි යවල අතගෑවාම මේකා සනීපෙට තව ටිකක් අස්සට ඇවිත් ගුලිවුනා..

ඊයේ යස්සයා වැහිලා වගේ මගේ අත් දෙකත් තද කරගන මාව කන්න හදලා දැන් නිකන් ලොකු සයිස් එකේ කුරුළු පැටියෙක් වගේ හොදට නිදි. ඊයේ අල්ලගන හිටිය පාර මගෙ අතේ මැණික්කටුව ළඟ තාමත් තද රතුවට හිටලා තියනවා..

මම ටික වෙලාවක් තුහින අයියාගෙ මූණ දිහා බලන් ඉදලා ඊයේ මේකා කරපු අලුගුත්තේරු වැඩේ මතක් වෙලා ආපු ක්ශණික සිතුවිල්ලට පහත් වෙලා ඒකාගෙ කම්මුලක් දත් දෙකෙන් යන්තන් අල්ලලා රිදෙන්න හැපුවා.. හිතුවා වගේම මේකා ඒ මදුරුවෙක් කියල හිතලද කොහෙද පටාස් ගාලා මිනිහගෙම කම්මුලට පාරක් ගහගත්තෙ මගෙ කටින් මහ හයියෙන් හිනාවක් පනින්න එද්දි..

ඇහි පිල්ලම් යට (TaeKook)Where stories live. Discover now