Chapter 1

39 7 0
                                    

Chapter 1

Author POV

සුපුරුදු විදිහටම මුළු සෝල් නගරෙ පුරාම පැතිරිල තිබුණ අඳුර තීරු වලට ඉරලා දාන ගමන් අවට පරිසරය වගේම මිනිස්සුන්ගේ හිත් ඇතුලත් එළිය කරන ගමන් ඉර පෑයුවේ අලුත් දවසක් එක්ක අලුත් බලාපොරොත්තු රැසක් උද්‍යෝගීන්ගේ හිතේ පුරවලයි.කඩිමුඩියේ එහෙ මෙහෙ දුවන මිනිස්සු අතරේ බොහොම සන්සුන් විදිහට පිළිවලට තම දුඹුරු පැහැති හිසකෙස් පීරාගෙන පිළිවෙළට ඇද ඇති ඇඳුමේ කලිසම් සාක්කුවකට අතක් දාගෙන සිංදුවක් මුමුණන ගමන් ඉදිරියට ඇදුනු තරුණයා හැරුණේ හන්යොන් උසස් පාසලේ පිවිසීම දිහාටයි.සියදහස් ගණන් සිසුන් හන්යොන් පාසල දෙසට වැල නොකැඩී ඇදී ගියත් මේ තරුණයට ඕන කෙනා නම් තවම ඇවිත් නෑ වගේ.. එයා ආවනම් මේ තරුණයාට මේ තරම් නිස්කලංක විදිහට ඉන්න ලැබෙන එකකුත් නෑ...

Tae POV

හරස් වීදියක පිහිටලා තියන මං ආසම විදිහේ පුන්චි ගෙදරක නැවතිලා අම්මලගෙන් ඈත් වෙලා මට මේ සෝල් නගරය තුළ ජීවත් වෙන්න තියෙන්නේ හේතු දෙකයි. එකක් මේ ස්කූල් එක.අනික තමයි...

"හ්‍යුන්ග්....."

මෙච්චර වෙලා මං අහන්න බලං හිටිය ඒ හුරතල් කටහඬ මට ඇහුණේ තව ටිකක් පරක්කු උනොත් Mr.Lee ගෙන් බේරෙන්න අද කියන බොරුව මොකක්ද කියලා හිත හිත ඉද්දියි.කටහඬ ඇහුනු දිහාට හැරෙද්දි මං දැක්කේ වෙනදා වගේම හා පැටියෙක් වගේ මන් ගාවට දුවගෙන එන මගේ කුකීවයි.

හ්ම්ම්..එයා තමයි අනික් හේතුව..මගේද කියලා මමවත් නොදන්න මගේ කුකී...

සිරුරට තරමක් තදට ඇදලා හිටිය දුඹුරු පාට කලිසමට හරියන්න අපිට පාසලෙන් දීලා තිබුනු සුදු පාට ශර්ට් එකත් යටකරන් බෑග් එක එල්ලගෙන ඇවිස්සුනු කොන්ඩේ එක්ක හතිදාගෙන මං ගාවට ආව කුකී මගේ උරහිසෙන් එයාගේ අතක් තියලා හති අරින්න පටන් ගත්තේ මටනම් මේ දර්ශනේ හොදට හුරුපුරුදු එකක් වෙද්දියි.

"අද Mr.Lee ට කියන බොරුව මොකක්ද කුකී?"

"ඇහ්??"

දුවන් ආව වේගෙට ඇවිස්සිලා තිබුන මගේ කුකීගෙ කොන්ඩෙ අතින් හදන ගමන් මං කුකීගෙන් ඇහුවේ එයාගේ වරදේ බරපතලකම අදවත් එයාට දැනෙන්න ඕන නිසයි.

Unacceptable Love - TaekookWhere stories live. Discover now