Chapter 3

5 0 0
                                    

.

.


Taehyung POV

"ආයිශ්..මෝඩයා...මීහරකා..මොකක්ද තමුන් ඒ කලේ... aaaaaaaaaargh!"

"බැරිවෙලාවත් කුකී ඇහැරුනානම් එහෙම.. ඔක්කොම ඉවරයි බූරූ Taehyung"

කුකීගේ ඇස් වලින් මගේ ඇස් බොහොම අමාරුවෙන් ගලවගත්තු මං පාරදිගට මටම බැන බැන ආවේ මීට ටික වෙලාවකට කලින් මං ඒ කරන්න ගිය මෝඩ වැඩේ මතක් වෙලයි. ඒත් මං වැරදි නෑ නේද? ම්ම්.. කොහොමද කෙනෙක් අවුරුදු හතරක් තිස්සේ තමන්ගේ හැඟීම් හන්ගන් ඉන්නේ.. ඒත් කුකීට අනුව ඒක වරදක් වෙන්නත් පුලුවන්.. ආදරය මෙච්චර සුන්දරයි කිව්වට..මෙච්චර සුන්දර ඇති කියලනම් මට හිතුනේ නෑ...

Author POV

තෙමිලා ඇගට ඇලිලා තිබුන ඇදුමත් ඇදගෙන කලින් වෙච්ච හැමදේම හොදින් සිද්ධ උන නිසා දෙවියන්ට ස්තූතිවන්ත වෙමින් ටේහ්‍යුන්ග් ගෙදරටම ආවා.ඒත් ටේ දැනන් හිටියේ නෑ මේවෙලාවේ කුකී හිතන දේ ගැන.
.
.
.

"ඔම්මා.. මං ආවා..."

හොදටම තෙමීගෙන ගෙදරට ආව කුකී කෑ ගහලා කියන ගමන් පඩිපෙළ නැගගෙන කාමරේ ඇතුලට රිංග ගත්තේ හිත ඇතුලේ හොල්මන් කරන සිතිවිල්ලකුත් එකයි.තෙත බෑග් එක පැත්තකට දාපු කුකී ඉක්මනින් වොශ් එකකුත් දාගෙන ඇදට පැන්නේ මීට ටික වෙලාවකට කලින් එයාගේ හදවතේ රිද්මය සම්පූර්ණෙන් කණපිට හරවපු එයාගේ හ්‍යුන්ග් කරපු වැඩේ ගැන හිතන ගමන්.

'ඇයි එයා මාව කිස් කරන්න හැදුවේ..නෑ නෑ මට මොකක් හරි වැරදීමක් වෙන්නැති.. හ්‍යුන්ග් එහෙම කරන්නේ නෑ. සමහරවිට මගේ මූනේ මොනාහරි ගෑවිලා තියෙන්නැති..ඒක අයින් කරන්නයි මට ළං වෙන්න ඇත්තේ.. aaaaah ඒකට ඇයි ඉතින් ඒ හැටි ලන් උනේ.... පොඩ්ඩක් ඉන්න... හ්‍යුන්ගි මට කැමතියිවත්ද?? යාලුවෙක්නම් අරම ඇදුනුත් ඇරගෙන පාර දිගේ වැස්සෙම මාව හොයන් එයිද..? මොනා උනත් හ්‍යුන්ගිගේ muscles නම් මරු.. ඇත්තටම ඒකබලන්න වටින ඇගක් තමයි'

සිතිවිලි ගොඩක් මැද්දේ ටේගැන එක එක දේවල් හිත හිත හිටිය කුකීට එහෙමම නින්ද ගියේ ඇගට දැනුණු ලොකු තෙහෙට්ටුව නිසයි.

ටේගේ උරහිසටවෙලා උන්නු කුකී බට්න් දෙක තුනක් ගලවලා තිබුණ ශර්ට් එක අස්සෙන් පෙනුණ මනස්කාන්ත දර්ශනේ නම් කොහෙත්ම මගෑරගත්තේ නෑ... අවුරුදු 17ක් උනාට ටේ ශක්තිමත් හැඩිදැඩි සිරුරකට හිමිකම් කිව්වා.ඒ හැන්ඩ්සම් ලුක් එකට සමවෙන කවුරුත් එයාලගේ ස්කූල් එකේම නොහිටිය තරම්. ටේ ගේ ඇගේ එල්ලෙන්න එන කෙල්ලො කොල්ලො කුකීව යාලුකරන් ටේට ලන් වෙන්න හැදුවත් කුකී නම් ඒකට ඉඩදුන්නේ නෑ. ටේ ගැන එක එක විදිහේ බොරු එයාලට කියලා ටේ ගැන තියෙන කැමැත්ත නැතිකරවන්න තරම් කුකී එයාගේ හ්‍යුන්ග් ට වෙන අය ලන් වෙනවට අකැමැති උනා. සමහරවිට ඒ ඉතින් කලින් කිව්වා වගේ ටේ කියන්නේ කුකීට එයාගෙම හ්‍යුන්ග් කෙනෙක් වගේ නිසා වෙන්නැති. එහෙම නැත්තන් ඒක කුකීවත් නොදන්න වෙන හේතුවක් වෙන්නත් පුලුවන්..

Unacceptable Love - TaekookWhere stories live. Discover now