Chapter 5

9 0 0
                                    

Previous Chapter (Chapter 4) - https://www.facebook.com/groups/532364855641322/permalink/565985105612630/?app=fbl

Chapter 5

"කුකී ඉක්මන් කරන්න.."
"ටේයා.. මගේ කෝට් එක දැක්කද..?"
"අනේ හ්‍යුන්ග් මගේ සපත්තු දෙක නෑනේ.."
"කුකී ඉක්මන් කරලා මෙහෙට එන්නකෝ......."
"මෙහෙට දෙනවා මෝඩ තාරාවෝ ඕක මගේ..."
"කුකී....මෙන්න මූ මට ගහනවා...ආආආ....."

ටේගේ ගෙදර ඇතුළේ එකම කාලගෝට්ටියයි.පිට ඉදන් බලන කෙනෙකුටනම් මේක පේන්නේ මල්ලවපොර පිටියක් වගේ..ඒ ඉතින් මේ තුන්දෙනාගේ පෙර සූදානමේ තරම තමයි..

ටේගේ ගෙදරට එකතු උනු තුන්දෙනා මේ කෑ ගගහ කරන්නේ එයාලා ගෙන්නගත්තු ඇදුම් පැළඳුම් ඇදගන්න එක.කොහොමින් කොහොම හරි හැමදේම කරගෙන ලෑස්ති උනු ටේයි ජිමිනුයි එලියට වෙලා කුකී එනකන් බලන් හිටියා.

"කෝ බං..තාම නෑනේ.."

"හරි හරි පොඩ්ඩක් ඉදපන් ලෑස්ති වෙලා එයි.."

"දැන් නම් වෙලාව හරි ටේ...
ආ.. අන්න එනව.."

"දෙයියනේ...කු..කුකී..!?"

විවිධ දේවල් යොදලා ලස්සන කරලා තිබුන සුදුපාට ශර්ට් එක උඩින් ලා නිල් පාට කෝට් එකක් ඇදල හිටිය කුකී ඒකට ගැලපෙන තද නිල් පාටින් trouser එකක් ඇදලා හිටියා.සුදු පාට සපත්තු දෙකකුත් දාගෙන දොර ඇරගෙන එලියට ආව කුකීව දැක්කම ටේ ට උන් හිටි තැන් අමතක කලේ වචන පවා ගොතගස්සලා. යාන්තමට ජෙල් ගාලා හදල තිබුණු කොන්ඩෙ නලළට වැටිල තිබ්බයින් ඒ ඇස් තවත් ලස්සන උනා.ලාවට දාලා තිබුන make-up එකෙන් කම්මුල් වගේම තොල් දෙකත් ලස්සන රෝස පාටකට හැරිලා තිබුනා.කෝට් එක ඇගට ටිකක් ලොකුවට තිබුනත් ඇදල හිටිය ටයිට් ශර්ට් එකෙනුයි trouser එකෙනුයි කුකීගේ හීනි ඇග කැපිලා පෙනුණා.

කුකීගේ උඩ ඉදන් පහලට හැමතැනටම ඇස් ගෙනිච්ච ටේ දැකේ එයා මීට මාස ගානකට කලින් කුකීට දීපු මුද්දත් කුකී එයාගේ promise finger එකට දාගෙන හිටපු විදිහ.

මේ ලෝකේ තමන් වැඩියෙන්ම ආදරේ කරන කෙනා මේතරම් ලස්සනට සැරසිලා ඉද්දි ටේට කුකීගෙන් ඇස් අහකට ගන්න නම් බැරි උනා.

"හ්‍යුන්ග්.."
"හ්‍යුන්ග්..."
"හ්‍යුන්ග්............"

ටේට කතා කරලා කරලා බැරිම තැන කුකී ටේගේ කනට කරලා කෑ ගැහුවේ ටේ උඩ ගිහින් පියවි සිහියට එද්දියි.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 05 ⏰

Add this story to your Library to get notified about new parts!

Unacceptable Love - TaekookWhere stories live. Discover now