Chapter 4

6 0 0
                                    


Author POV

කුකීගේ අම්මත් එක්ක ටික වෙලාවක් කතා කරකර හිටපු ටේ තරප්පු පෙළ නැගගෙන පියමැන්නේ කුකීගේ කාමරයට.සද්දයක් නෑහෙන විදිහට පරිස්සමට කාමරයේ දොර ඇරලා ඇතුලට ආව ටේ ගේ ඇස් උඩ ගියේ ඔම්මා කිව්ව විදිහට කුකී ඇද උඩ නොහිටිය නිසයි.කාමරේ පුරාම ඇස් යැව්ව ටේ දැක්කේ අමාරුවෙන් බිත්ති වලට වාරු වෙවී wash room එකේ ඉඳන් එළියට එන එයාගේ හා පැටියව.

මොහොතක්වත් පරක්කු නොකර ඉක්මනින් කුකී ලගට දුවගෙන ගිය ටේ කුකීගේ ඉන වටේ අත යවන ගමන් එයාව තමාගේ ඇගට වාරු කරගත්තා.උන දේ එකවර හිතාගන්න බැරි උන කුකී එයාව වාරුකරගත්තු අමුත්තා දිහා බලලා ලාවට හිනාවෙන ගමන් තව තවත් ඒ පපුවට ගුලි උනේ විඩාබර ගතට සැනසීම ටික ටික ලන්වෙද්දියි.

කුකීවත් වාරුකරගෙන හෙමින් හෙමින් ඇද ලගට ආව ටේ ඇද විට්ටමට කොට්ටයක් හේත්තු කරලා කුකීව පරිස්සමින් ඇදේ ඉන්දෙව්වා.

"ඔයාට දැන් කොහොමද කූ..? ජිමින් තමයි මට පණිවිඩේ කිව්වේ.."

"දැන් ටිකක් අඩුයි හ්‍යුන්ග්.."

"හ්ම්ම් ඊයේ අයිස්ක්‍රීම් කාලා වැස්සෙත් තෙමුණනේ නේද"

"හ්ම්ම් ඔව් හ්‍යුන්ග්.. අද ඉස්කෝලේ මුකුත් විශේෂ දෙයක් කලාද?"

"එහෙම මුකුත් විශේෂයක් නෑ කූ..ඔයාට මගෑරුනු දේවල් මං කියලා දෙන්නම්කෝ.. ආ.. ලබන සිකුරාදා අපේ ටැලන්ට් ශෝ එකලු.. සහභාගී වෙන්න කැමති අයගේ නම් ගත්තා. මමත් නම දුන්නා.."

"මොකක්?ඔය ඇත්තමද හ්‍යුන්ග්?? ඔයා සාමාන්‍යෙන් ඕවට කැමති නෑනෙ"

"ඔ..ඔව් මට නිකන් හිතුණා කූ.."

කටට ආව බොරුව ටේ එහෙමම කියලා දැම්මා.

"අනේ මටත් එන්න ආසයි හ්‍යුන්ග්.."

"හෙට අපිට Mr.Kang ව මුණගැහෙන්නයි කිව්වා.ඔයත් යමුකෝ.."

ටිකවෙලාවකින් කුකීගේ ඔම්මා දෙන්නටම කෑම කන්න කියලා පහළට කතා කරපු නිසා කූකීවත් වාරු කරන් ටේ පහලට ආවා.කුකීගේ ඔම්මත් එක්ක එකතු වෙලා dinner එක අරගත්තු ටේ රාත්‍රි දහය පහු උනයින් පස්සේ පොද වැස්සෙම ආපහු එයාගේ ගෙදර යන්න හිතන් බෑග් එක අතට ගත්තා.

Unacceptable Love - TaekookWhere stories live. Discover now