Chapter 2

13 3 0
                                    

.

.

.

.

Tae POV

ඉස්කෝලේ ඉවර වෙලා කුකී ජිමින් එක්ක පිටත් උන මම මගේ පුංචි ගෙදරට ඇවිත් ඇදේ හාන්සි වෙන ගමන් ෆෝන් එක අතට ගත්තේ මැසේජ් එකක් ආව නිසයි.

මගේ කූ මැනිකගෙන් ඒ ඇවිත් තිබුණු මැසේජ් එක ඕපන් කලාම මට බකස් ගාලා හිනාගියේ පොඩි එකෙක් වගේ නහය උඩ අයිස් ක්‍රීම් ගාගෙන ජිමිනත් එක්ක එකතු වෙලා අයිස්ක්‍රීම් කන ෆොටෝ එක දැකලයි.

MY BUNNY - හ්‍යුන්ග් මේ.. අපි අයිස්ක්‍රීම් කනෝ..

YOU              - අපරාදේ මං ආවේ...මට නොදී කනවනේ...??

MY BUNNY - අනේ නෑ හ්‍යුන්ග්...අපිට නිකන් කන්න හිතුනා..අතේ සල්ලි තිබ්බ                     නිසා කෑව ඉතින්..

YOU             - හ්ම්ම් කුකී..පරිස්සමින්

'ආහ්..මේ කොල්ලගේ පුදුම හුරතලයක්නේ..ආයිශ් මට කන්න හිතෙනවා..'

ෆොටෝ එක දිහා බලං එහෙම හිතපු මම කූ ගේ ලිප්ස් උඩින් ස්ක්‍රීන් එක කිස් කලේ ඒවැඩේ තියෙන මෝඩකම එකපාර ඔලුවට ඇවිත් මට ලැජ්ජාවක් දැනෙද්දියි..වෙලාවට මං මේ ගෙදර ඉන්නේ තනියම..එහෙමම ඒ ෆොටෝ එකේ කූව විතරක් පේන විදිහට ක්‍රොප් කරලා ඒ ෆොටෝ එක මං මගේ ෆෝන් එකේ වෝල්පේපර් එකට දැම්මා.

ෆෝන් එක පැත්තකින් තියලා ශර්ට් එකේ බට්න් එකින් එක ගලවද්දි අහස දිහායින් ඇහුනු හඩට තිගැස්සුණු මම ජනේලෙන් එළිය බැලුවේ වැස්සක පෙරනිමිති කලින් නොදැක්ක නිසයි.පරිසරයම අදුරු කරගෙන ලොකු හුලගක් එක්ක වැහිපොද එකින් එක මහපොලව සිපගනිද්දි මට එකවර සිහිඋනේ මගේ කූ මැනික ගොරවන හඩට බයයි කියලායි..මේ වෙද්දි ජිමින් ගෙදර ගිහින් කියලා අනුමානකරපු මං එහෙම්මම පාරදිගේ දුවගෙන ගියේ වෙනදට කුකීව ගෙදරටම ඇරලුවත් හෙට භාරදෙන්න තියෙන assignment එකේ වැඩ නිසා කලින් ගෙදර ආව එකට මටම හිතින් දොස් පවර ගනිමිනුයි.

බිදෙන් බිද ඇදහැලුණු වැස්ස මහා ධාරාණිපාත වැස්සක් වෙන්න මහවෙලාවක් ගියේ නෑ.. මොරසූරන වැස්සෙම මට පුලුවන් උපරිම වේගෙන් ඉදිරියට ඇදුණු මං දැක්කේ පොඩි කඩයකට මුවා වෙලා බිම ඉදගෙන දනිස් අස්සේ මූන ඔබාගෙන හා පැටියෙක් වගේ ගැහෙන මගේ කුකීව..

Unacceptable Love - TaekookWhere stories live. Discover now