3.රිදී හඳ

28 6 1
                                    

මම හිටියේ අහස දිහා බලාගෙන තාමත් අතේ තිබුණු කෝපි එකට බැල්මක්වත් නොදාපු මම හීනියට පොද ගැහෙන අහසයි ගස් අස්සෙන් පේන රිදී හඳයි දිහා බලන් උන්නා!!

රෙහාන් අයියා මාව ගෙදරට දාලාගියාට මම තාම උන්නේ ආව ඇදුම් පිටින්ම වෙනකොට හීනි දිග ඇගිලි වලින් මම මගේ නළල මිරිකගත්තා,කවදාදෝ දවසක මට මතක් උනා නිදුක් කියපු කතාවක්!!

අර හදට ලෝබකම් කරන එයා මහා පණ්ඩිත මනුස්සයෙක්!! මම දන්නේ නම් එච්චරයි!!සමහරවිට එයා ඇත්තටම මාව අමතක කරලා ඇති?? ඒත්...

අනේ මට පාලුයි නිවන්...ඇයි තාමත් ඔයා මාව හොයන්නෙවත් නැත්තේ?? මම කරපු දේවල් වැරදි නිසාද??

ඔයාට බැරිද මේ හඳට සමාවක් දෙන්න නිවන්!! ඇත්ත තමයි නිවන්,පවුරු කරේම ඔයාට හරස් උන එක තමයි...මම මහා මෝඩයෙක් වගේ ඔයාගේ ජීවිතේම කාලා දැම්මට පස්සෙත්...උඹ මෝඩයෙක් වගේ මට තාම ආදරෙයිද නිවන්!!
.
.
.
.
.
flash back

හවස්වෙලා වැව රවුම ගාව ඉදගෙන හිටපු නිවන් ඈතින් පේන සුදුපාට කමිසේ ඇදගත්ත උඩින් රෝසපාට ශර්ට් එකක් දාන්,රෝස පාට පොකට් කලිසමට සුදු ඩෙක්ස් දාලා තමන්ගාවට ඇදීගෙන එන ඒ අහිංසකයා දිහා බලාගෙන හිනා උනා!!කන්දෙකෙන් එයා පොඩ් දෙක අයින් කරලා ඒක බෑග් එකට දාගෙන ඒ නිවෙන රූපේ දිහා නිවන් බලන් හිටියා!!

සමහරවිට ඒ මනුස්සයාට පුංචි හුරතලේගේ හුරතල්කමට එහා ලස්සනක් පේන්නත් ඇති!! රෝසපාට වෙලා ගිහින් තිබුණ අහසේ එදා කලින්ම හඳ අරක් අරන් බාගෙට පායලා තිබුණ හරි අමුතු ඊස්තටික් හවසක් ඒක!!

තමන් ගාවට ඇවිල්ලා වාඩිවෙලා තමන් දිහා බලන් හීනි හිනාවක් දාපු කොල්ලගේ කොණ්ඩකෑලි ටික නිදුක් ඇවිස්සුවා..

"පවුරු ලස්සනයි!!"

"මම ඒක දන්නවා!!"

කොල්ලා කටත් හදලා ලොකුකමෙන් කියනකොට නිවන්ට හිනා ගියා.අහිංසකයා වගේ පෙනුනට ඇත්තටම එහෙම නෑ වගේ.මේකා ලෝක අණ්ඩපාලෙයෙක්නේ!!

"ඇයි දෙයියනේ මට මේ අහිංසකයා පිටිපස්සේ ඉන්න අණ්ඩපාලයා කලින් නොපෙනුනේ??!"

නිවන් හරිම ඩ්‍රැමටිකලි විදිහට හුස්ම පිබ පිබ කියනකොට පවුරු හුරතලේට රැව්වා,පවුරු රැව්වත් ලස්සනයිනේ!! නිවන් තනියම විහිලුවක් කරලා තනියෙන් හිනා උනාට මොකෝ පවුරුටත් කිචි කවලා ඒ අහිංසකයාට හුස්මත් හිරකරා ඔය මනුස්සයා!!

Silvery pink ╴රිදීරෝස nonfiction | Ongoing Where stories live. Discover now