6.ප්‍රේමණීය හැගීම

21 4 1
                                    


සති අන්ත නිවාඩුවෙන් පස්සේ ආපහු පාරක් ඉස්කොලේ උදේ රැස්වීම තියන්න සදුදා දවසේ ළමයි පෝලිම් ගැහිලා පිට්ටනියට යන අතරේ බොයිස් සික් රූම් එක පැත්තේ ඉදන් හති දාගෙන පණ කඩාගෙන එන ගෞරව් දිහා පේලියේ යන රකිත් බලාගෙන හිටියේ රවන්,

ඒත් ගෞරව් කඩන් බිදන් ආවේ පවුරුගේ ඇගේ හැප්පිගෙන වෙනකොට පවුරු පපුවත් අල්ලන් ඉක්මනින් පස්සට උනේ ගෞරව් එහෙම්ම බිමට පතබෑවෙනකොට

"කොහෙද අයිසේ යන්නේ....උබේ ඇස් දෙකේ කලාදුරුද ආ??"

"ඇස් වල කොහෙන්ද කොට මගුලෙ කලාදුරු එන්නේ??"

රකිත්ගෙ කෑගැහිල්ලෙන් වැඩක් උනේ නෑ,හැමපාරටම වගේ ආයෙමත් රකිත් ගෞරව්ට කියලා මොනාහරි අහගත්තා,නිවන් පවුරුව අදුරගත්ත දවසේ ඉදන් ගේට් එක ගාවදි හැමදාම නිවන්ට පවුරු නෑ පවුරුටයි නිවන්ව හම්බුනේ,

නිවන් පවුරු එක්ක ඇයිහොදැයියක් පෙන්නවට රකිත් නම් කොහෙත්ම කැමති උනේ නෑ,ඒත් පවුරු කියන්නේ අහිංසක ළමයෙක් කියලා ඇත්තටම රකිත් දන්නවා,හැමෝම කියනවා වගේ රකිත් පවුරු දෙන්නා නසරාණී බව ඇත්ත,ඒ උනාට පවුරුට තිබුණා හරි නිවුණු ගතියක්,

කොහොමහරි නිවන් ඉස්කොලේ දවසට මොකක් හරි හේතුවක් හදන් පවුරුව බලන්න මැත්ස් එකේ ඉදලා බයෝ එකට පනින්න පුරුදු උනා,ඒක දැන් සති ගාණක් එක දිගටම වෙන නිසා ගෞරව් කඩන් බිදන් හේතුවක් හොයන් පවුරුගේ ඇගට පනින එක සාමාන්‍යයෙන් වෙන දෙයක් උනා,

"රකිත්....මෙඩි යුනිට් එකේ නේද ඔයා?? මට උදව්වක් ඕනේ??"

වෙනදට පවුරුට කතා කරන ගෞරව් අද රකිත්ගේ පැත්තට ගියාම පවුරු පුදුමෙන් බලන් හිටියා ඒත් එක්කම ගෞරව් රකිත්ව ඇදන් දීවේ පවුරු ගල්වෙලා බලන් ඉන්නකොට,කොහෙන්ද මන්දා නිවන් කඩාපාත් වෙලා පවුරුගේ මූනට එබුනේ පවුරු පුදුමෙන් ආයෙත් බලනකොට,

"අහ්...හායි...ඒක නෙවෙයි එයාලා කොහෙද ඒ දිව්වේ??"

"ආර්ට් එකේ ළමයෙක්ගේ ඔලුවට බේස්බෝල් එක වැදිලා ඔලුව තුවාල වෙලාලු,එයා මෙඩි යුනිට් නේද...සමහරවිට බෙහෙත් දාන්න වෙන්නැති!!"

පවුරු අහපු ප්‍රශ්නෙට ගානක් නැතුව උත්තර දුන්න නිවන් පවුරුගේ කරවටෙන් අතක් දානකොට එකපාරටම පවුරුගේ කන්දෙක ගිණිගන්නවා වගේ දැනිලා ඇබරුනත් නිවන් ඒක දැක්කේ නෑ වගේ අනිත් ළමයි පේලියට යනකන් පවුරුව නවත්තන් හිටියා,

Silvery pink ╴රිදීරෝස nonfiction | Ongoing Место, где живут истории. Откройте их для себя