5.සාංසාරිකයි

26 6 6
                                    

ඒ අහස පිස්සුවක්,තාමත් මම එතනටම වෙලා ඔහේ බලාගෙන උන්නා කම්මුල් අතරේ පිපෙන හිරිගඩු එක්ක ආපහු මාව මේ ප්‍රේමණීයම නගරය වෙලාගත්තා,සමහරවිට ඒක හිතාගන්න අමාරු දෙයක්,

කාලෙකට කලින් ඔයා ගොඩක්ම අදරේ කරපු තැනකට ආපහු ඔයාට යන්න ලැබුනම,හැමතැනම මතක විතරක් ගොඩගැහුන ආදරණීය හැගීමක් ඒක~

නිවාඩු නැතුවම නිවාඩුවක් ගත්ත මට අද දවස කියාගන්න බැරි තරම් උද්‍යෝගිමත් දවසක්,හොස්ටල් ඉදලා ගෙදර එනකොට දැනෙන හැගීමත් හරි අමුතුයි,

අදටත් මම ගෙදර යනවා කියන හැගීමට මම ආදරෙයි!! ඇරත් මම අද පවුරු හොයාගන්නවා කියලා මට හිතුනා,සමහරවිට අර ජපන් මිත්‍යාවට වගේ නිකමට මට හිතුනා අපි වටේට රතුපාට පීත්තපටියක් ඇත්තටම නොපෙනී එතිලා ඇතියි කියලා,

ආදරේ කියලා කියන්නේ මට අනුව නම්,

ඒක බැම්මක් සාංසාරික බැම්මක් ඒක,වචනෙකින් කියන්න බැරි හැගීම් සමුදායක් එකම කෙනෙක් වෙනුවෙන් ඇස් දෙකෙන් උතුරන ආදරණීය බැල්ම....ඒක තමයි ආදරේ!!

වචන බර ගානක් කියන්න ඕනි උනත්,කොච්චර අමාරුවෙන් අල්ලන් හිටියත්,එකම කෙනෙක් ගාව ඔක්කොම ලොක් වෙලා සැනසීමෙන් බලන් ඉන්න එක...ඒක තමයි ආදරේ!!

ජීවිතේට එන්නේ මොන ප්‍රශ්නයක් උනත්,අනේ ඒ මූණු පොඩිත්ත බැලුවහම ඇතිනේ කියලා හිතට එන සුවදායක සැනසිලි හැගීම මොකක්ද....ඒක තමයි ආදරේ!!

තමන්ට වඩා වටින කෙනෙක් තමන්ට ඇතිවෙන්නේ,තමන්ගේ කියන හැමදේකම අයිතිය එයාට දෙන්න ඕනි කියලා දැනෙන ඒ ලාලිත්‍යමය හැගීම....ඒක තමයි ආදරේ!!

කොහේ හිටියත් සතුටින් ඉන්න කියලා කියන්නේ,පරිත්‍යාගශීලීත්වය ඕනවට වඩා ඔපදැමෙන්නේ ඇත්තටම අන්න එතනට අපිට කියන්න පුළුවන්...ඒක තමයි ඇත්තම ආදරේ!!

මනුස්සයෙක් වේවා,සතෙක් වේවා,ඒ හැගීම පොදුයි!! සාංසාරිකයි,සමහරවිට සමහරු ඕනවට වඩා බැදෙනවා,අවුරුදු ගාණක් බැදුණු හිත් උනත් හරියට තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්නවා,සමහරු තමන්ව දාලා ගියාම සාප කරනවා!!

ඒත් ඒක නෙවෙයි ආදරේ බව එයාලට තේරෙන්නේ නෑ!!

මනුස්සයෙක්ට ආදරේ දැනෙන්න ඕනි පපුව පිරෙන්න,අසාර්ථක කඩයිම් දෙක තුනක් උඩට එන්න ඒ ටික ඇති උනත්,පිරුණු හදවත විසිරෙන්න නිමේශයක්ම ඇති!! පිරුණු හදවත බලාගන්න ඒ පිරුණු හැගීමේ උරුමක්කාරයා නැතුව බෑ!!

Silvery pink ╴රිදීරෝස nonfiction | Ongoing Where stories live. Discover now