episode 1

509 43 3
                                    

" අනේ තාත්තේ...ඕක කරන්න එපා...අනේ අම්මව අත අරින්නකෝ"

මගේ විලාප මුළු ගමටම ඇහෙන්නැති...මම අසරණයි දෙවියනේ...කාටවත් මගේ දුක පේන්නේ නැද්ද??? වෙරි වෙලා ඉන්න  තාත්තා හදන්නේ මගේ අම්මට ගහන්න...අනේ මගේ අම්මා...එයාට මුකුත් වෙන්න එපා....මම කියන කිසිම දෙයක් තාත්තට ඇහෙන්නේ නෑ...එයා හිටියේ වියුරුවෙන්...මගේ ඇස් වලින් කදුලු ගලනවා....

" බැල්ලි...දීපන් මට සල්ලි...නැත්නම් උබව මම එලොව යවලා මිසක් පස්ස බලන්නේ නෑ"

අනේ මගේ අම්මා වේදනාවෙන් මිරිකෙනවා...එයාගේ ඇස් වල කදුලු...මම අසරණයි මට මොනවත් කරගන්න බෑ..තව කොයි කාලයක් මේ වගේ අපි දුක් විදින්නද?? මට තේරෙන්නේ නෑ....මගේ අම්මා විදින දුක මට දරාගන්න බෑ...

" අනේ තාත්තේ අම්මව අත අරින්නකෝ..."

මම අඩමින් තාත්තගේ අතේ එල්ලුනා..ඒක දැකපු තාත්තා මාව තල්ලු කරා...මම විසික් උනා...

" පලයන් යන්න හු### උබ මගෙන් මැරුම් කන්නයි යන්නේ.... "

ඔව්...ඊටපස්සේ උනේ හැමදාම වෙන දේ තමයි..අම්මට දෙන්න ඕන හැම වදයක්ම දීලා...අන්තිමට සල්ලිත් අරන් තාත්තා ගියා..මම අම්මගේ තුවාල වලට බෙහෙත් දැම්මා....

මම අහිංස යුවස් චානුක...

මම අහිංස යුවස් චානුක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස 12යි...හරිනම් මම ඉස්කෝලේ යන්න ඕනේ..ඒත් සල්ලි නැති හිංදා ඉස්කෝල ගමන මම නැවැත්තුවා

අපිට එක වේලක්වත් හරියට කන්න බෑ..එතරම් අපි දුප්පත් පව්ලක්...ඒ පවුලට ශාපයක් උනේ මගේ තාත්තා..ඉස්සරහ වැඩක් පලක් කරපු එයා දැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා...ඒවා ගන්න එයා සල්ලි වියදම් කරේ අපිව තවත් අසරණ කරමින්......තාත්තට බයේ අම්මා සල්ලි දුන්නත් මමනම් හිටියේ දැඩි වේදනාවෙන්...

" අම්මා බය වෙන්න එපා...මම හොද රස්සාවක් හොයාගන්නම්කෝ"

මම කියද්දි අම්මා හිනා උනා...ඔව් ඉතින් රස්සාවක් හොයාගන්න තරම් මට වයසක් නෑනේ..ඒත් මම උත්සාහය අත අරින්න නරකයි...කොහොම හරි රස්සාවක් හොයාගන්න ඕනේ.....

මට කිසිම යාලුවෙක්වත් නෑ..හිටියනම් රස්සාවක් ගැන හොයන්නත් තිබ්බා....

" ආ...කොල්ලෝ..උබ මෙහේ මොකෝ කරන්නේ"

පසුවදා මම සුමතිපාල මාමගේ කඩේට ගියේ කන්න මොනවහරි ඉල්ලගන්න...

" මාමෙ මට බඩගිනි"

මම අසරණව කියද්දි මාමා සුසුමක් හෙලුවා...එයා මට බනිස් ගෙඩියක් විසි කරා...එයින් බාගයක් කෑවේ ඉතුරු භාගේ අම්මට තියන්න් ඕන හිංදා...

"අහ්..කොල්ලො මට කියන්නත් බැරි උනා"

මම එකපාරටම කියද්දි මම මාමා දිහා බලං ඉදියේ කට පිරෙන්නම් බනිස් ගෙඩිය කනගමන්.....

"උබ රස්සාවක් හොය හොය නේද හිටියේ? අන්න උබට හරියන එකක් මම හොයාගත්තා "

මම බලාපොරොත්තු දැල්වූ දෑසෙන් මාමා දිහා බැලුවා....

" අනේ මාමේ ඇත්තද?"

" හුම්...ගමට අලුතින් ආපු පොලිස් මහත්තයෙක් ගෙදර වැඩකාරයෙක් හොයනවලු..."





කතාව කොහොමද ?

Vote karanna

Bye

අහිංස 🤗 | zhanyi sinhala bl love ( Completed )Where stories live. Discover now