episode 9

239 31 4
                                    

පීක්     පීක්    පීක් 🚗🚗🚘

"අඩී...එයා ඇත්තටම ඇවිල්ලා"

මට හිතාගන්න බැරි උනා

හරියටම 10ට එයා මාව ගන්න ඇවිල්ලා හිටියා...මම රුවේන් ගැන අම්මට කිව්වා

බැංකුවේදි එයා මාව බේරගත්තු හිංදා අම්මා රුවේන් ගැන පැහැදීමෙන් හිටියේ

"රුවේන් සර්?"

"මම පරක්කුද අහිංස "

"අනේ නෑ සර්...පංති ඇරෙන්නත් කලින් තමයි ඔයා ඇවිල්ලා හිටියේ"

"හ්ම්..කොහොමද අද ක්ලාස් එක...කියලා දුන්න එව්වා තේරුනාද?"

"ඔව් ටිකක්..ඒත් මට ඒක අල්ලගන්න පුලුවන් වෙයි"

"හ්ම්"

රුවේන් සර්...ඔයාගේ වයිෆ් නේද අර.."

මට මතක් උනේ මීට අවුරුදු 6ට කලින් රුවේන්ගේ වයිෆ් තමන්ට සලකපු විදිහ

"හ්ම්...ඔයාට එයාව මතකද අහිංස...."

එක්වරම රුවේන්ගේ ඇස් දුකෙන් බර උනා

"රුවේන් සර්?? ඇයි මේ?"

මම අහද්දි රුවේන් තම වාහමය අයිනක නැවැත්තුවා

"අහිංස.....මට සමාවෙන්න "

මම පුදුමයෙන් ඇස් දෙකත් ලොකු කරගෙන රුවේන් දිහා බැලුවා

"අහ්..ඇයි සමාව?? "

"මං හිංදයි මේ ඔක්කොම අහිංස....මට ගොඩක් ආත්මාර්ථකාමියෙක්....මගේ මෝඩ වැඩ නිසා තමයි එදා මගේ අහිංසකට හැමදේම නැති උනේ...අන්තිමට ඔයත් sucide කරගෙන කියලා දැනගත්තම මට දැනුනේ දේ හිතාගන්න පුලුවන්ද ??? මට මගේ ජීවිතයම එපා උන අහිංස..ඒත් ඉස්කෝලේදි එදා මම ඔයාව දැක්ක වෙලේ මට හිතුනෙම එතනදී ඔයාව බදාගන්න..ඒ තරම් මට සතුටක් දැනුනා ඔයා තාම ජීවත් වෙනවා කියලා දැක්කම...මීට අවුරුදු 6කට කලින් මම හිටියෙම වැරදි හැගීමකින්...හරියට මම අහිංසකයෙක්ව මරලා දැම්මා වගේ...මට සමාවෙන්න මගේ අහිංස"

කටර් එකක් වගේ නවතින්නේ නැතුව එක දිගට කියවගෙන යන රුවේන් දිහා මම බලං ඉදියේ දුකින්....

එයා නළල තදින් මිරිකගෙන අඩනවා....මට දැනුනේ දැඩි ශෝකයක්

මම මගේ අත එයාගේ අත උඩින් තිබ්බම එයා ශොක් උනා...

අහිංස 🤗 | zhanyi sinhala bl love ( Completed )Where stories live. Discover now