episode 2

322 42 11
                                    

මට හිතාගන්න බෑ...අන්තිමට මට හරියන ජොබ් එකක් හම්බුනා...ඒකත් ගමට අලුතින් ආපු පොලිස් සර් කෙනෙක්ගේ ගෙදර වැඩ කාර කමට....පඩිය මාසෙට 5000...හොදටම ඇති මට...ඒ ගානෙන් මට අම්මට හොදට සලකන්න පුලුවන් වෙයි....

මට සුගතිපාල මාම දුන්න ඒ සර්ගේ ගෙදර ලිපිනය තාම මගේ අතේ තිබ්බා...හෙටලු එන්න කියලා තියෙන්නේ....

මම ආපහු මගේ ගෙදර ආවා....ගෙදර කිව්වට අනිත් අයට ඒ තැන ගුබ්බැයමක්.... මම එද්දි අම්මා කරවල වේලනවා..මම දුවගෙන ගිහින් අම්මට තදින් බදාගත්තා

"අම්මේ" මම ආදරයෙන් කියද්දි...අම්මා ලස්සනට හිනා වෙලා මගේ කම්මුල හය්යෙන් මිරිකුවා...

"පුතා සතුටින් වගේ"

අම්මා හිනාවෙමින් අහද්දි මම අර රස්සාව ගැන එයාට කිව්වා..

අම්මා කැමති උනෙ නෑ...ඒක සාධාරණයි ඉතින්...මම වගේ පොඩි කොල්ලෙක්ව පොලිස් අංකල් කෙනෙක් රස්සාවට ගනීද

අම්මා බය වුන එක සාධාරනයි....

ඒත් මම මගේ තීරණය වෙනස් කරේ නෑ..මම කැමති නෑ මගේ අම්මා තාත්තා නිසා මෙහෙම දුක් විදිනවාට....

හෙට අදින්න මට හරි ඇදුමක්වත් තිබ්බේ නෑ...තියෙන හොදම ඇදුම් ඇදගෙන යනවා...ඒත් මාව තේරෙයිද?? කිසිම විශ්වාසයක් නෑ මට....අනේ...දෙවියනේ මට උදව් කරන්න....

............................................................................

පසුවදා මම ලෑස්ති වෙලා අම්මට වැදලා මාම දුන්න ලිපිනය හොයන්න ගියා...

වෙල් යාය පාස් කරලා...රබර් කැලයක් මැද්දෙන් ගිහින්...වට රවුමක් ගහලා.......තුංමං හන්දියක් හම්බෙනවලු..ඒකේ කෙලින්ම ගිහින් වමට හැරුනම හම්බෙන මුල් ගෙදර

ගෙදර කිව්වට මාලිගාවක්ද කොහෙද ? මේ හද්ද කැලෑව ඇතුලේ මේ වගේ මාලිගාවක්??

මම බයෙන් වගේ ඇතුලට ගියේ...යනකොට මම දැක්කේ ඉස්තෝප්පුවේ හිටගෙන ඉන්න...වයස්ගත ආච්චි කෙනෙක්...එයාගේ මූණ කරුණාවන්තයි.....

"ආච්චි" මම කතා කරාම අනේ එයා ගැස්සිලා පිටි පස්ස බැලුවා...එයාව බය කරන්න හිතුවේ නෑ.....

"අහ්"

"ආච්චි...මිස්ටර් සමරවික්‍රම ඉන්නේ මෙහෙද??"

අහිංස 🤗 | zhanyi sinhala bl love ( Completed )Where stories live. Discover now