_16_

1.9K 272 15
                                    

" හැපි බර්ත් ඩේ කොල්ලො.. "

යුග්ම උදේ ඩියුටි ඉවර වෙලා පන්තියට එද්දි ඩෙස්ක් එකක් උඩ වාඩිවෙලා පැද්දි පැද්දි හිටිය යශ් ගෙ කොන්දට එකක් ගහලා කිව්වෙ යශ් එයාගෙ පුරුදු හිනාවම යුග්ම ට දීලා කකා හිටිය පේර ගෙඩිය යුග්ම ගෙ අතට පාස් කරා

" තැන්කියු කියන්න කම්මැලියි බන් අද උදේ ඉදන් ඔය අකුරු හතර කියවලම මගෙ කට ගෙවිලා වගෙ. උබලා රෑට එනවනෙ.. "

" අද ටිකක් හවස් වෙනකම් ඉස්කෝලෙ ඉන්න වෙන ලයින් එකක් යන්නෙ බලමු කොහොමහරි එන්නම් අභියත් ඉන්නවනෙ ඌ එක්කම එන්නම් එද්දි... දැන් ඔය පාටි එක උබලගෙ පවුල් වල අයත් එනවද මන් අහන්නෙ යාලුවො ඇර.. "

" උබ දන්නවනෙ අපේ අම්මා ඉතින් රට වටේටම අඩබෙර ගහලා ඉවරයි අද එන්න කියලා. උබලා වරෙන්කො උබලට වෙනම උඩ තට්ටුව මන් ඇරේන්ජ් කරලා තියෙන්නෙ.."
යශ් අමුතු විදියට යුග්ම දිහා බලද්දි යුග්ම ත් ඒකට ගැලපෙන්නම බැල්මට් එකක් යශ් ට දීලා හිනාවුනෙ කිව්වෙ දේ යටි අරුත තේරුම් අරගෙන.

" මන් පහලට යනවා කෝච් ව හම්බෙන්න ඕන අද එයෝනුත් නෑනෙ යමන් ග්‍රවුන්ඩ් එකට අරුන් දෙන්නත් හිටියා.."

යුග්ම බෑග් එක ලග තිබ්බ ඩෙස්ක් එකක් උඩින් දාලා පහලට යන්න ලෑස්ති වුනා. මේ දවස්වල ඒලෙවෙල් සෙක්ෂන් එකේනම් ලමයි එන්නෙම නැති තරම්. ස්පෝර්ට්ස් මීට් එකට ලංවුනු නිසා ඉස්කොලෙ පීරියඩ් බාගෙට බාගයක් ෆ්‍රී. යුග්මත් බොටම් ටී ෂට් ගහන් ම ඉස්කොලෙ ආවෙ දවසෙ ම ග්‍රවුන්ඩ් එකේ ඉන්න වෙන නිසා. බාස්කට් බෝල් , ක්‍රිකට්, එල්ලෙ තව රනින් ඉවෙන්ට්ස් දෙක තුනක්ම මේ දවස් දෙක තුනට තිබිලා ඉවර වුනා..දැනට හවුස් වලින් ඉස්සරහින්ම ඉන්නෙ ගැමුණු එක දෙවෙනි යට තිබ්බෙ විජය එක. දවසෙම ග්‍රවුන්ඩ් එකට වෙලා ගිනි අව්වෙ ඉදලා හවස් වෙන්න ගෙදර යද්දිනම් යුග්ම ට හොද ගනන්. ඊයේ චනෙරු යුග්ම එක්ක ගෙදර යන්න ඇවිත් එහෙම්ම රෑ එහෙ ඉදලා යුග්ම එක්කම උදෙ ඉස්කොලෙ ආවෙ. අම්මත් නැති එකෙ ගොඩක් වෙලාවට එක්කො චනෙරු යුග්ම ලයි ගෙදර එනවා නැත්නම් යුග්ම චනෙරුලයි ගෙදර යනවා.

" යමන් මටත් කම්මැලි මේ මැත්ස් එකෙ මොකෙක්වත් ඉස්කෝලෙ ඇවිල්ලා නෑ ඒකට කොමස් ආට් වල උන්නම් මේ ටිකේම ආවා. මාත් ඉන්ටවල් එකට කොමස් එක පැත්තෙ යනවා උබලා ඇවිල්ලා කාපන් මාව හොයන්න එපා "

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now