_43_

2.1K 251 37
                                    

වෙනදට වඩා ඇගට දැනුනු හීතලත් එක්ක නුපුරුදු වටපිටාවක යුග්ම ඇස් දෙක කැරකැව්වා.. එක තත්පරයෙන් ඒ ඇස් දෙක ලොකු වෙලා දිලිසෙන්න ගත්තෙ..සුදු පාට ඇද ඇතිරිලි දාලා තිබ්බ ඇදෙන් බාගෙට ඉස්සිලා යුග්ම තමන් ගෙ වටපිටාව දිහා බැලුවා. එතන කලු පාට ලී වලින් හදලා තිබ්බ තැනක්.. ත්‍රිකෝණාකාර විදියට හදලා තිබ්බ වහල..එතන වැහිල තිබ්බ සුදු පාට කර්ට්න් එකෙන් පේන එලිය.. ඊට එහයින් තිබ්බ පොඩි සෝෆා එක ඩෝර් වින්ඩො එක ගාව මැදින් එල්ලලා තියෙන ඩ්‍රීම් කැචර් එක..යුග්ම ඇහැරුනෙ cabin එකක් ඇතුළෙ ඉදන්..

යුග්ම ඇහැරුනෙ cabin එකක් ඇතුළෙ ඉදන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


 යුග්ම එතන වටේටම ඇස් ගෙනිච්චෙ පුදුම ආසාවකින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යුග්ම එතන වටේටම ඇස් ගෙනිච්චෙ පුදුම ආසාවකින්.. වෙනම හොයන්න ඕන නෑ මේ තැන කොහෙද කියලා යුග්ම හොදටම දන්නවා. ටික දවසකට කලින් ටික්ටොක් එකෙ දැකලා ලයික් කරලා තියන් හිටියෙ ඇත්තටම දවසක යන්න හිතාගෙන. ඊයෙ රෑ කාර් එකෙදි එන මගදි නින්ද ගියයින් පස්සෙ මොනා වුනාද කියලා කොල්ලට මතකත් නෑ.. අන්තිමටම තමයි යුග්ම එයාට ඇදේ එහා පැත්තට ඇස් හැරෙව්වෙ.. යුග්ම ගාවම තිබ්බෙ ඊයෙ හෙන අරගලයක් කරලා හම්බුනු ඌරු පැටියා. එතකොට ඊට එහාපැත්තෙන්....ඒ නිල් ඇස් දෙක කෙලින්ම තිබ්බෙ යුග්ම දිහාවට හැරිලා

" ඔයා ඇහැරලද හිටියෙ.."

" ම්ම්.. දැන් ගොඩක් වෙලා "

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now