_29_

1.9K 268 39
                                    

" ආරූ.."

" ම්ම්ම්.."

" බඩගිනියි නේ "

කලු පාට බයික් එක රේස් කරන් වේගයෙන්  ඉස්සරහට ඇදෙද්දි පාරේ ඉන්න ගොඩක් අයගෙ අවදානෙ ඒ යුනිෆෝම් ඇදන් හිටිය කොල්ලො දෙන්න දිහාවට යොමු වුනා.යුග්ම හිටියෙ ආරෝන් ගෙ බයික් එකේ පිටිපස්සෙන් වාඩි වෙලා ඒ එක උරහිසක් උඩින් අතක් තදකරගෙන. ගල්කිස්ස පහුවෙලා දෙහිවල ෆ්ලයි ඕවර් එකින් උඩට දාලා බයික් එක යද්දි දවල් දෙකත් පහුවෙලා තියෙන්න ඇති. හිල්ස් ස්ට්‍රීට් එක පහුකරලා යද්දි දකුනු පැත්තෙ තිබ්බ KFC එක ගාවින් බයික් එක නතර වෙද්දි යුග්ම ත් කිසි කතාවක් නැතුවම බයික් එකෙන් බැස්සා. ආරෝන් හෙල්මට් එකත් එක අතක  රදවගෙන පිටිපස්සෙන් එද්දි යුග්ම KFC එකේ දොර ඇරන් ඇතුලට ගිහින් ඕඩර් කරන්න තියෙන තැනට ගියා.

" Snacker එකයි Veggie Burger එකයි කෝක් එකයි.. ඔයාට මොනාද.. "

යුග්ම පිටිපස්ස හැරිලා ආරෝ්න් දිහා බලලා අහද්දි ආරෝන් හිටියෙ ෆෝන් එක කනේ ගහගෙන

" කෝක් එකක් "

ඕඩර් කරලා ඉවර වෙලා කාඩ් එකෙන් දෙන්නගෙම බිල් එක ගෙව්ව යුග්ම හිස් වෙලා තිබ්බ ටේබල් එකක් බලලා වාඩිවුනෙ ඒකෙම අනිත් පැත්තෙන් ආරෝන් රවාගෙනම ඇවිල්ලා වාඩිවෙද්දි. ඔය දාගෙන රවන්නෙ යුග්ම බිල් එක ගෙව්ව එකට කියලා දන්න නිසා යුග්ම ත් කට පියාගෙන ම වාඩිවෙලා හිටියා.

" හරි ඔයාට ඉවර වෙලා කියන්න බබා මන් එන්නම් "

" ම්න්.. "

" හරි මන් දැන් යන ගමන් ඉන්නෙ.. ගෙදර ගිහින් මැසෙජ් එකක් දාන්නම් ටේක් කෙයා "

ආරෝන් ෆෝන් එක කනේ ගහන් කතා කරපු වචන ටික ඇහුනු ගමන් අහේතුකවම යුග්ම ගෙ මූන බිමට හැරවුනා. උකුල උඩ තිබ්බ ඇගිලි එකට එක පටලවගත්ත යුග්ම තාම හිටියෙ ඉස්කූල් බෑග් එක පිටේ එල්ලගෙන. කෝල් එක කට් වෙලා විනාඩි දෙක තුනකින් ඕඩර් කරපු ටිකත් ටේබල් එක උඩට ලැබුනා.

" ඔලුව උස්සනවා යුග්ම "

වෙනදට නැති විදියෙ රලු කටහඩකින් ආරෝන් කියද්දි යුග්ම තොල් දෙක තදකරගෙනම හිස් බැල්මෙන් ඔලුව උස්සලා  ආරෝන් දිහා බැලුවා. මෙච්චර කාලෙකට කාටවත්ම වචනයක්වත් කියන්න බැරි වුනු යුග්ම ආරෝන් ගෙ එක රලු වචනෙකට හරි ඉක්මනට හීලෑ වුනා.

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now