_21_

1.9K 265 6
                                    

" සුළඟ වගේ දඟ කරන..
එති එතී ළඟ රැඳෙන..
ඔයා වගේ හිත නිවන..
භාවනාවක්‌ කොහෙද..

විටෙක ඇවිත් සිත සිඹින
ආයෙමත්‌ දුර දුවන..
හෙමින්‌ හෙමින්‌ කිති කවන..
ඔයා මගේ පෙමි කවිය..

සුළඟ වගේ දඟ කරන..
එති එතී ළඟ රැඳෙන..
ඔයා වගේ හිත නිවන..
භාවනාවක්‌ කොහෙද..

වෙලා ඇවිත්‌ සුළි සුළඟ..
පාරවයි සිත සුවඳ..
තරහා නෑ මං තවම..
හෙටත්‌ ඔයා මගේ මැණික...


ඇස් වහගෙන වචන අස්සෙ රිංගන් වෙනම ලෝකයක් ඇතුළෙ ඉදපු යුග්ම ගිටාර් එක අනිත් අතට බර කරගෙන ඇස් ඇරියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඇස් වහගෙන වචන අස්සෙ රිංගන් වෙනම ලෝකයක් ඇතුළෙ ඉදපු යුග්ම ගිටාර් එක අනිත් අතට බර කරගෙන ඇස් ඇරියා. කොල්ලා හිටියෙ මියුසික් රූම් එකෙ බිමින් වාඩි වෙලා. මියුසික් රූම් එක බාරව හිටිය ගයාගංගනී මිස් රූම් එකෙ දොරත් වහගෙනම එලියට ගියෙ යුග්ම ට ඇතුලෙන් ඉන්න කියලා. උදෙ ඉස්කොලෙ ආවට පස්සෙ දෙවෙනි වතාවටත් යුග්ම ෆේන්ට් වෙන්න ආවට පස්සෙ කොල්ලා අමාරුවෙන්ම ඇවිත් මියුසික් රූම් එක අස්සට වැදුනා. මියුසික් රූම් එක කියන්නෙ ඉස්කෝලෙදි යුග්ම පන්තියටත් වඩා වැඩියෙන් ඉන්න තැනක්. එලියෙ හිටිය පොඩි එකෙක්ට කියලා පන්තියෙ තිබ්බ බෑග් එක ගෙන්න ගත්ත යුග්ම හිස් බඩටම බෙහෙත් ටික බීලා දැම්මෙ ඉස්කෝලෙ ඇතුළෙ යුග්ම ට ලගම කෙනා වෙච්ච ගයාංගනී මිස් දැන් ටිකකට කලින් කැන්ටිම ට දුවන් ගියෙ යුග්ම ට කෑම එකක් ගේන්න. කොල්ලා හිටියෙ දුර්වල වෙලා කියලා දැක්ක ගමන් කියන්න පුලුවන්.
ගිටාර් එක පැත්තකින් තියපු යුග්ම ඇස් වහගෙන මතක් කරෙ ඊයෙ රෑ වුනු සිද්ධිය ගැන. හදිස්සියේම ආව තාත්තගෙ කෝල් එක අම්මා එහෙ හොස්පිට්ල් එකක ඇඩ්මිට් කරා කිව්ව කතාව. යුග්ම දන්න තරමින් අම්මට කිසිම ලෙඩක් තිබ්බෙ නෑ ඒත් එක සැරේම එහෙදි අම්මා ෆේන්ට් වෙලා ඇදගෙන වැටිලා ඔලුවට වුනු පොඩි ඩැමේජ් එකක් නිසා තාම සිහිය නෑ කියලා තමයි තාත්තා ඊයෙ යුග්ම ට කිව්වෙ. ඊයෙ නින්දක් නැතුවම එලි වෙනකම් ඇදට වෙලා කල්පනා කර කර ඉදලා උදේටත් නොකා ම ඉස්කොලෙ ඇවිල්ලා ටික වෙලාවක් යන්න කලින් ෆේන්ට් වෙන්න ගියේ ගෑස්ට්‍රයිටිස් නිසා කියලා යුග්මත් දන්නවා ඊයෙ දවල් ඉදන් තාම බඩට හරියට කෑමක් වැටුනෙ නෑ . යුග්ම ට කන්න ඕනකමක් තිබ්බෙත් නෑ. ඔලුවට හෙනයක් වගේ වැදුනු තාත්තා ආයි මැරි කරනවා කිව්ව වචනෙ එතනින් එහාට මුකුත් අහන්නෙ නැතුවම යුග්ම ෆෝන් එක කට් කරලා දාපු හැටි...
යුග්ම පිට දීලා හිටිය යකඩ කබඩ් එකටම ඔලුවත් හේත්තු කරගන් පපුවෙන් එන වේදනාව අමතක කරන්න ට්‍රයි කරා. ගෑස්ට්‍රයිටිස් කියන්නෙ කරුමක්කාර ලෙඩක් පොඩි කාලෙ ඉදන්ම තිබ්බ ලෙඩෙ දැන් සතියට එක පාරක්වත් පපුවත් එක්ක බඩ දන්න ගන්නවා එක අතකින් යුග්ම එක දවසක්වත් හරියටම වේල් තුන කාලා ඉන්න කෙනෙක් නෙවෙයි.යුග්මට දවසට වේල් තුනම උයලා මේසෙ උඩ ඇරලා තිබ්බට ඒක කන්න කියලා වචනයක් කියන්න කෙනෙක් හිටියෙත් නෑ. ආයිත් ගිටාර් එක අරගෙන හෙමින් කෝඩ්ස් ටිකක් ප්ලෙ කරද්දිම මියුසික් රූම් එකෙ දොර ඇරුනා.
ඇතුලට ආවෙ යුග්ම ට හුරුපුරුදු මූණක් හැමදාම ඉස්කෝලෙ වටේ ආරෝන් එක්ක රෝන්දෙ ගහන කොල්ලව යුග්ම ඉක්මනට අදුරගත්තා කලින් හොස්ටල් එක අස්සෙ ඉද්දි ආරෝන් සල්ලි දුන්නෙත් ඌටම තමයි ඒ සිද්ධියෙන් පස්සෙ දෙන්නා හුගක් වෙලාවට ඉස්කෝලෙදි එකට ඉන්නවා යුග්ම දැකලා තිබ්බා. ඒ කොල්ලත් අහිංසකයි වගේ හිටියට මේ ලගදිත් වලියකට පැටලිලා ඉස්කොලෙ ඇතුලෙදි අභී ගෙන් බැනුම් අහනවා යුග්ම දැක්කා. කොල්ලා දොරත් ඇරන් ඇතුලට ඇවිල්ලා කාමරෙ පුරාම ඇස් ගෙනිහින් බිම වාඩිවෙලා හිටිය යුග්ම දිහාවට හිනාවීගෙනම ඇවිදන් ආවා.

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now