වෙලාව උදේ 05:30. එලාම් එක වැදෙන්නත් කලින් මෙහේ පන්සලේ ගාථා දානවා.
ආශ් පුදුම කංකරච්චලයක් තියෙන්නේ.
මං බෞද්ධ උනත් මේ ගාථා නම් මට පොඩ්ඩක්වත් සෙට් නෑ. ඇඳේ එහෙට මෙහෙට දඟලලා මගේ ෂෝටේ ලෙහිලා තිබ්බ පටියත් ගැටගහගෙන මම ඇඳෙන් නැගිට්ටා.මෙහේ ඉන්න මිනිස්සුන්ට නම් කුකුල්ලු ඕනෙත් නෑ එලාම් ඕනෙත් නෑ. මොකද ඉතින් උදේ පාන්දර පන්සලේ හාමුදුරුවෝ එයාගේ ලදරමෙන් ගමටම ඇහෙන්න බණ දානවානේ.
පන්සලේ හාමුදුරුවන්ටත් දෙහි කප කප මගේ ටවල් එකත් කරේ දාගෙන බාත්රූම් එකට යන්න කාමරෙන් එළියට එද්දි තාත්තා වැඩට යන්න ලෑස්ති වෙන ගමන්. එහෙම්මම බෙල්ල හරවලා බැලුවේ අපේ ගෙදර සී දේවී කොහෙද කියලා. එයා ඉතින් නැගිට්ට වෙලේ ඉඳන් වැඩ. එක අතක කිරි ජෝගුව තියාගෙන අනිත් අතින් හොද්ද හැඳි ගානවා. තාත්තා එයාගේ ෂර්ට් එක කලිසමට යට කර ගන්න ගමන් මගේ ළඟට ඇවිත්." ආදි පුතේ ඉක්මනට ලෑස්ති වෙන්න මං යන ගමන් ඉස්කෝලෙන් දාගෙන යන්නම්."
|ආදිත්‍ය මිහිරාන් ප්‍රනාන්දු |
වයස : 18තාත්තා මගේ උරහිසට තට්ටුවක් දාලා මාව ඉස්කෝලෙන් ඇරලවන්නම් කියලා. එයාලගේ කාමරේට ගියා. වෙලාවකට මේ ඉස්කෝලෙ යන ගමන නම් එපා වෙනවා අප්පා. ඔක්කොමත් හරි මේ ප්‍රිෆෙක්ට් පට්ටම නිසා උදේ පාන්දරම ඉස්කෝලෙට යන්නත් ඇපැයිනේ. නැත්තං සුපිරියට හතේ ට්‍රේන් එකේ අපේ උන් එක්ක ඉස්කෝලෙට යන්න තිබ්බා. මං ගාට ගාට අම්මා ලඟට ගිහින් අම්මා එක්ක පොඩි කයියක් දාලා බාත්රූම් එකට ගියා. විනාඩි පහට මුහුණකට සෝද ගෙන ඇඟටත් එහෙන් මෙහෙන් වතුර එකක් දාගත්ත මං කාමරේට ගිහින් යුනිෆොර්ම් එක ඇගේ දාගත්තා. මන් සට පට ගාලා මගේ ෆෝන් එක අරගෙන සසාට මැසේජ් එකක් දැම්මා උඹල අද තනියෙන් පලයන් තාත්තා මාව ඉස්කෝලෙට දානවා කිව්වා කියලා. ෆෝන් එකේ චාර්ජ් 14% යි. පුදුම වෙන්න දේකුත් නෙවේ ඉතින් මොන ලබ්බටද චාර්ජ් තිබිලා.අපිට ලව් කරන්න උන් ඉන්නවැයි.
YOU ARE READING
- ආදි -
Non-Fictionආදරේ කරන්න නොදන්න හිතකට ආදරේ කරන්න කියලා දුන්නු එයා ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තන්...? ° nonfiction °