2.

1.8K 264 110
                                    

ආයෙමත් මං දකින්න ආස නැති මූන ආයෙත් මගේ ඉස්සරහටම ඇවිත්...

______________________________________________

ඉස්කෝලෙත් ඉවරයි. බලාගෙන ඉද්දි වෙලාව ගියේ. ඔක්කොමත් හරි මට අර ආදි කියන එකා එක්ක පුදුම කේන්තියක් තියෙන්නේ අම්මපා. ඌට මතුරන ගමන් මන් මේසේ යටයි උඩයි එහෙ මෙහෙ තියෙන මගේ පොත් පෑන් බෑග් එකට දා ගෙන අපේ උන් එක්ක පන්තියෙන් එලියට ආවා.
ළමයි ගාල කඩා ගත්තු හරක් වගේ ඒ මේ අත යනවා. මායි මහියයි තෙනුජයි කෙවිනුයි තමයි ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්නේ. මුන් තුන්දෙනාම අපේ පැත්තේ. කවදාවත් නැතුව මහියා කියනවා බස් එකේ යමුලු. කවද්ද මල්ලී අපි බස් එකේ ගියේ.

" මේ අද බස් එකේ යමුද? "

" ඒ මොකටද පිස්සුද බන් බස් එකේ යන්න හැමදාම අපි ට්‍රේන් එකේනේ යන්නේ අනික යකෝ ස්ටේෂන් එකෙන් බැස්ස ගමන් ෆ්ලැට් ටික "

" මූ කෙල්ලෙක් ටෝල්ක් කරනවනේ සුද්දා එකී යන්නේ බස් එකේ.
උඹ මේ අපිවත් එක්කන් යන්න හදන්නේ පහන අල්ලන්නද? "

හම්මට සිරි තෙනුජ සීන් එක කිව්වමයි මන් දන්නෙත්. ඒ පාර ගෑනු පරානයක් නිසා මුත් අංගවිකල වෙන්න යන්නේ.
ඒත් බස් එකේ යන්න ආස නැහැ අපි එකෙක්වත් ඉතින් මහියා ඕනේ එකක් කර ගත්තු දෙන් කියලා. මම කිව්වා.

" මේ මට බැහැ බන් බස් වල ලොට ලොට එන්න උබ ඕනේ නම් පලයන්. අපි වෙනදා යන විදියටම යනවා. "

පොරගේ මූනේ තියෙන පැණි හිනාව. තාම සෙට් වෙලත් නැහැ මු යකෝ. ඒ අස්සේ කෙවින්.

" උබට පිස්සුද මහියා සුද්දා අරන් ඒ කෙල්ල ලගට යන්න හදන්නේ. මෝඩ පක*** උබ නම්. මූව දැලේ දා ගන්න කීයක් නම් බලන් ඉන්නවද? මූ එක්ක ගියොත් තෝ දිහා හැරිලවත් බලන එකක් නැහැ ඒකී. "

මට ලාවට හිනාවකුත් ආවා මුගේ වර්ණනාවට. ඒත් මහියගේ මූන දෙහි ලෙල්ල වගේ උනා අයියෝ මුගේ අමන කට නම් උට මොන හිතෙන්න ඇතිද... මන් ඔය කියන තරම් ලස්සනද??

"අඩෝ පිස්සුද බන් ඕකි අනිවා මහියට සෙට් වෙනවා. මහියා උබ යමන් අපි වෙනදා යනවා වගේ යනවා "

මන් මහියගේ පිටට තට්ටුවක් දාලා කිව්වම පොර අපිට යන්නම් කියලා බස් හෝල්ට් එක පැත්තට ගියා.
අනිත් එකා මේ මෝඩ මීමා තෙනුජ උට කෙල්ලෙක් පේන්න බැහැ. රබර් ඇහැ දාගෙන එන්නේ වටේම ඉන්න කෙල්ලන්ට. පුදුම ඇම්මක් තියෙන්නේ. මට ඉතින් බලන්න දෙයක් නැහැනේ නංගිලා අක්කලාගේ ඇස් auto මගේ පැත්තට කැරකෙනවා. හැබයි මේ සුද්දා නම් ජීවිතේට ඔයා නැට්ටිච්චියෝ දිහා බලන්නේ නැහැ.

-  ආදි  -Where stories live. Discover now