4.

1.5K 261 93
                                    

ආආආආආආආආදි.................

මන් ඉක්මනට මගේ අත් දෙකෙන් කට වහ ගත්තා. තව පොඩ්ඩෙන් මුළු ෆ්ලැට් එකටම ඇහෙන්න අර බුරුවගේ නම කියලා කෑ ගහනවා......
ආශ් මට මොකද මූව පෙන්නේ...
මන් මගේ ඇස් දෙක පොඩි කරලා ආයෙම කණ්නාඩිය දිහා බැලුවේ අර මස් ගොබයා තාම පේනවද බලන්න. අයියෝ මුගෙන් නම් පුදුම වදයක් තියෙන්නේ.. යන යන හැමතැනම හූනියම වගේ ඉන්නේ ඇයි මේ ආදි බූරුවා. මූ සිරාවටම මගේ පිටිපස්සේ හිටියා වගේ දැන් දැක්කනේ. ඩයල් එක සිරාවටම හිටියාවත්ද දන්නේ නෑ. පිල්ලියක් වගේනේ යකෝ.

මේ හාල් පාරුවා ගැන දැන් හිතන්න වෙලාවක් නැහැ. පරක්කු වෙලා හම්බානක. ඉක්මනට ලෑස්ති වෙන්න ඕනේ නැත්තන් 7 ට්‍රේන් එක මිස් වෙයි.

______________________________________________

මම සැටියෙ ඉඳගෙන සපත්තු පොලිෂ් කර කර ඉද්දි අම්මා තාත්තට ඇස් කොනෙන් මාව පෙන්නනවා. ෂුවර් එකටම අර යුවානයා එක්ක ගහගත්ත එක වෙන්න ඇති. මෙයාටත් මට බැනුමක් අස්සවන්න තිබ්බොත් ඇති.

"ආදි පුතේ... මොකද්ද මේ ස්ටේෂන් එකේ අර මහේෂ් මහත්තයාගේ පුතා එක්ක ගහගත්තැයි කියන්නේ. ඔය රණ්ඩු වල පැටලෙන්න යන්න එපා ආදි. ඒක උඹටත් ලැජ්ජාවක්නේ."

"මම ඌ එක්ක පැටලෙන්න ගියේ නෑ තාත්තේ. ඌ තමයි අනම් මනං කියාගෙන අපි සෙට් එකත් එක්ක පැටලෙන්න ආවේ. පස්සේ උන් ගැහුවා. ගහද්දි ඔලුව නමාගෙන ගුටි කන සිරිතක් මට නෑ තාත්තා ඒක දන්නවනේ.. පස්සේ මමත් උන්ට ගැහුවා."

"ඔව් ඔව් ආදි ගැහුවම ගහන්න ඕනේ අපිත්. ඒත් දැන් ටිකක් ඉවසන්න. ඔය වලි වලට ගිහින් උඹට මොනා හරි උනොත් අපි ඉඳලත් වැඩක් නෑ නේ."

"හරි හරි තාත්තේ. එහෙම මුකුත් වෙන්නේ නෑ. හැබැයි ඉතින් ගැහුවොත් ගහනවා ආ..."

"ඔව් ඔව් ගැහුවොත් ගහන්න"

"තාත්තටයි පුතාටයි දෙන්නටම පිස්සු. මහත්තයා ඔයත් මෙයට තරවටු නොකර බබා කරනවනේ හැමදාම.
ඉතින් මේකා හැදෙයිද මන් අහන්නේ.
දැන් ඇයි දෙන්නා හිනා වෙන්නේ. ඔව් ඔව් මන් දෙයක් කිව්වම හිනා හැමෝටම."

"සුදූ එහෙම තමා කොල්ලෝ. අනික අපේ කොල්ලගේ හැටි දන්නවනේ. තරවටු කරලා ඕවා කියලා දෙන්න බෑ දැන්. ආය පුතා රණ්ඩු වල පැටලෙන්නේ නැති වෙයි. මන් කොල්ලට කිව්වනේ දැන්.. නේද ආදි පුතේ...?"

-  ආදි  -Where stories live. Discover now