Chapter 2

82 14 3
                                    

🚫Only mine - Chapter 2

පාන්දරම නැගිට්ට ටේ මුලින්ම දැක්කෙ එයාගෙ ආදරනීය හබී සන්සුන් විදිහට නිදාගෙන ඉන්න විදිය...දරදඬු පෙනුමක් තිබුනත් නිදාගෙන ඉද්දිනම් ජන්කුක් හාපැටියෙක් වගේ...ටේ හුරතලේට ගිග්ල්ස් එක්කම හිනාවෙලා ජන්කුක්ගේ නහයට හාද්දක් දීලා තමන්ගෙ ඉනවටේ එතිලා තියෙන ජන්කුක්ගේ අත අයින් කරලා හිමීට ඇඳෙන් නැගිට්ටා...

කලින් දවසෙ රෑ කරපු දේවල්වල ප්‍රතිපලයක් විදියට නැගිටිද්දිම ගිය කොන්දෙ හිරියත් එක්ක හිමීට වොශ් රූම් එකට ගිය ටේ මූනකට සෝදන් ඇවිත් ජන්කුක්ගෙ ලොකු ශර්ට් එකක් ඇදගෙන බොක්සර් එකක් ඇඳගත්‍තේ ජන්කුක්ගෙ ශර්ට් එකක් තමන්ගෙ දනහිස් ලඟටම වගේ දිගවුනු නිසා...

ජන්කුක්ට වඩා අවුරුදු තුනක් බාලවුනත් ටේ ඇඟෙන් හුඟක් පුංචියි..ඒ වගේම හුරතල්....

ආවත් හරි ගේ හරියට බලන්න බැරිවුනු නිසාම ටේ හිමින් හිමින් වටපිටාව බලනගමන් පහලට ගියේ කිචන් එක හොයාගන්න...මොකද ටේ දන්නවා තමන්ගෙ හබී නැගිට්ට ගමන්ම එයාගෙ හොට් චොක්ලට් එක හොයන බව...

විශාල අඳුරු පාටට හුරු ලිවින් රූම් එක පහුකරන් යද්දි ටේට හම්බවුනේ මිනිස්සු විස්සකට විතර එකට ඉඳගෙන කෑම කන්න පුලුවන් ලොකු කෑම මේසෙත් එක්ක තියෙන කෑම කාමරේ...

" ඔමෝ...හබීගෙ හරාබොජී රජකෙනෙක්වත්ද "

තොලුත් පෙරලන් හුරතලේට මුමුනන ගමන් ටේ කෑම කාමරේ පහුකරන් යන්න හදද්දිම දැක්කේ කෑම කාමරේ බිත්තියේ මැදට වෙන්න ගහලා තියෙන ජන්කුක්ගේ ලොකු රූපය....

" වෝව්ව් මගෙ හබී එතනනම් මාරම හැන්ඩ්සම් "

හිනාවෙවී මුමුනපු ටේ ජන්කුක්ගේ රූපේ දිහාත් බලලා කෙලින්ම ඇදුනේ කිචන් එකට..
ඒත් ඇයි එයා නොදැක්කේ එ ලොකු රූපෙට යටින් පුංචිවට කොටලා තිබුනු උපතත් විපතත්....

උනු උනුවෙ හොට් චොක්ලට් හදනගමන් හිටපු ටේගෙ ඉනවටේ එතුනු දරදඬු අත්දෙකත් එක්කම ටේට දැනුනේ උනුසුම් හුස්ම තමන්ගෙ ගෙල පාමුල දැවටෙන විදිහ...

" ම්හ් හබී..නැගිට්ටද "

හිනාවෙවී තමන්ගෙ බෙල්ල පුරා තෙත හාදු තියන ජන්කුක්ගේ ඔලුවෙ කෙස් අතරින් හුරතල් දිග ඇඟිලි යවනගමන්ම ටේ මිමිනුවේ දැනෙන කිතියට වගේම දැනෙන පහසට අවනත වෙමින්...

🚫Only Mine🚫(Taekook) Where stories live. Discover now