Chapter 3

71 11 2
                                    

🚫Only mine - Chapter 3

" ම්හ් මේ හබී මට නොකියා ගිහින් එලියට හම්ප්"

කට උල් කර කර බැනලා උඩට යන්න ගිය ටේ උඩ පැන පැන දුවන් එන්නෙ එලියට..

" හබීහ්හ්හ් මමත් එනෝ"

ඈත තියාම කෑගහපු ටේ විශාල ගහ පැත්තට එක පිම්මෙ දුවන් එද්දි ඔංචිල්ලාවෙ හිටපු ජන්කුක් ටේ දිහා බලලා හරි ලස්සනට හිනාවුනා...

ටේ දුවගෙන ගිහින් ඔංචිල්ලාවෙ හිටපු ජන්කුක්ගෙ උකුලෙන් වාඩිවුනේ ජන්කුක් ටේගෙ ඉනවටේ අත් දාලා අල්ලගනිද්දි..

" ඔයා වොශ් නොදා මොකද අනී මෙතන කරන්නෙ..කතා කරානම් මමත් එනෝනෙ හම්ප් "

ටේ තනියම බැන බැන ජන්කුක්ගෙ උකුල්ට වෙලා ජන්කුක්ගෙ අතේ ඇඟිලි එක්ක සෙල්ලම් කර කර හිටියේ ජන්කුක් නිශ්ශබ්දවම ටේවත් උකුලෙ තියන් ඔංචිල්ලාවෙ පැද්දෙද්දිමයි.. 
.
.
In the same time @ taekook room

ජන්කුක් වොශ් දාගෙන එලියට ආවෙ ඇඳුමක් දාගන්න...ටවල් එකත් ඇඳන් තෙත කොන්ඩෙත් ගස ගස ආපු ජන්කුක් මිරර් එක ඉස්සරහට ගිහින් හිටගත්තේ කොන්ඩෙ වේලන්න බලාගෙන....

මිරර් එක දිහා බලාගෙන කොන්ඩෙ වේල වේල හිටපු ජන්කුක් ටිකකින් හෙයාඩ්‍රයර් එකත් පැත්තකින් තියලා ක්ලෝසෙට් එක පැත්තට ගියේ ඇඳුමක් ගන්න..

ඒත් ඇයි ජන්කුක් දැක්කෙ නැත්තෙ ! එයා මිරර් එක ගාවින් අයින් වුනත් මිරර් එකේ හිටපු ජන්කුක්ගේ ප්‍රතිබිම්බය ඒ විදියටම තාමත් මිරර් එකේ තියෙන බවත් , ඒ ප්‍රතිබිම්බයේ ඇස් ජන්කුක්ගේ දිහාවට හැරිලා තියෙන බවත් !!

ජන්කුක් ශෝටක් එක්ක ආර්ම් කට් ටීශර්ට් එකක් දාගෙන බැල්කනි එකට ආවේ පොඩ්ඩක් වටපිටාව බලන්න වුනත් ජන්කුක්ගේ ඇස්වලට අහුවුනෙ මිදුලේ අයිනට වෙන්න තියෙන විශාල ගහ යට ඉන්න ටේව....

ඒත් ටේ ඉන්නෙ තනියම නොවන බව දැක්කම ජන්කුක්ගෙ පපුව හයියෙන් ගැහෙන්න ගත්තේ කරදරයක් අත ලඟමදෝයි කියන බයත් ඇතිකරවනගමන්....

තවත් පරක්කු නොවුන ජන්කුක් ඉක්මනින් එලියට ඇවිත් ටේ ඉන්න තැනට දුවන්න ගත්තේ ටේටත් කතකරන ගමන්මයි...

🚫Only Mine🚫(Taekook) Where stories live. Discover now