Nethun's Pov -
කොළඹ අවට රස්තියාදුවෙන් සෙනසුරාදායි ඉරිදයි ගෙවිලා ගියා.අද සඳුදා.. අලුත් ඉස්කෝලෙට යන දවස.. මගේ ජීවිතේ අලුත් පියවරක් තියෙන දවස.. අද තිබුණේ අපිව පිළිගැනීමේ උත්සවය නිසා අපිට 8.30 වෙද්දි ඉස්කෝලෙට එන්න කියලා පණිවිඩයක් එවලා තිබුණා. උදේ හයට විතර නැගිටපු මම මූණ කට සෝදගෙන බුදුන් වැදලා අලුත්ම ස්කූල් යුනිෆෝම් එක අතට අරගෙන ඒක හොදට අයන් කලා. ඊලගට අලුත්ම අලුත් කළු සපත්තු දෙකත් අරගෙන හොදට පොලිශ් කරලා වොශ් රූම් එකට රිංගගත්තේ ඇඟ පොඩ්ඩක් සෝදගන්න හිතාගෙන..
යුනිෆෝම් එකත් ඇදගෙන කණ්ණාඩියෙන් මගෙම හැඩ බලලා මටම ඇහැක් ගහලා හිනාවෙවීම කිරිකොකා වගේ කාමරෙන් එළියට අඩිය තිබ්බ මාව දැක්කම නැන්දගේ මූණේ හරි ලස්සන හිනාවක් ඇදුණා..
(ශර්ට් එක සුදුයි කියල හිතාගම්න)
"දෙවියනේ මගේ කොල්ලගේ ලස්සන..."
"ලස්සන කියන්න එපා නැන්දේ හැන්ඩ්සම් කියලා කියන්න.."
"අපෝ හරි හරි.. උඹලා ඉතින් දැන් මහ ඉලන්දාරියොනෙ..
නැන්දා මටත් ගස්සගෙනම ආපහු කුස්සියට යද්දි මගේ මූණේත් ලාවට හිනාවක් ඇදිලා තිබුණා.. මම පොඩි කාලෙදි අපේ අම්මලා හැමෝම මට කිව්වේ මම හාවෙක් වගේ කියලා... ඇයි ඉතින් මට තිබුණා හොද ලස්සන තඩි හා දත් දෙකක්..දැන් කියලත් වෙනසක් නෑ හැබැයි ඒ දත් දෙක ඉස්සර තරම් දැන් එළියට පේන්නෑ...
කොහොමහරි කෑමත් කාලා, නැන්දටත් වැදලා නැන්දාගේ ආශිර්වාදය අරගෙන ගෙයින් එළියට බහිද්දි වෙලාව 7.30 පහුවෙලා තිබුණා.. මේකනේ මචන් මෙහෙ තියෙන ට්‍රැෆික් එකත් එක්ක 8.30 වෙද්දි ඉස්කෝලෙට යාගන්න නම් මේ වෙලාවටවත් එළි බහින්න ඕනේ.. නැත්තන් විසාල කරදර වලට මුහුණ දෙන්න වෙනව..
YOU ARE READING
Bloody Moon - Taekook Nonfic
WerewolfWerewolf කතාවක් සිංහල නම්,ගම් එක්ක ලංකාවේ style එකට කියවමුද..?😌 Bloody Moon - Taekook - Top - Tae - (Power) Bottom - Kook - Nonfic - Sinhala #1 in Nonfic ❤️ මෙය හුදෙක් රසාස්වාදය සඳහා නිර්මාණය වන බවත්, මෙහි ඇති නම්,ගම් සියල්ල මා විසින් කතාවට අනුරූපී...