Chapter 16

175 29 34
                                    

.

.

.

.

"තෙහස්.. නෙතුන්.. පුතාලා එන්න මෙහාට"

අපි දෙන්නම හිටියේ මියුසික් රූම් එකේ.. දැන් මේ ගෙවෙන්නේ පස්වෙනි පීරියඩ් එක.. ඉන්ටවල් එකේදි වීරක්කොඩි මිස් පොඩි කොල්ලෙක් අතේ අපිට පණිවිඩයක් එවලා තිබ්බා පස්වෙනි පීරියඩ් එකේදි මිස්ව හම්බෙන්න එන්න කියලා..

"සින්දුවක් තෝරගත්තද..?"

අපි දෙන්නා ටීච ගාවට ආවම එයා ඇහුව ප්‍රශ්නේ එක්ක මම අර කොලේ මිස් අතට දුන්නා..

"ආ මේ හොද සින්දුවක් තෝරන් තියේන්නේ... පාට්සුත් ලස්සනට බෙදාගෙනනේ.."

මිස් කොලේ දිහා බලාගෙනම එහෙම කිව්වම අපි දෙන්නම මූනට මූන බලාගත්තා.. තෙහස්ගේ මූනේ නම් තිබ්බේ හෙනම අසරණ ලුක් එකක්...අපිනේ දන්නේ පාට්ස් බෙදාගන්න කාපු කට්ට.. අපි කිව්වට.. තෙහස් තමා දන්නේ ඉතින්..

~flashback~

"හරි එහෙනම් එක උරහිස පාට් එක මං කියන්නම්"

"බෑඈඈඈඈඈ"

"මොකද යකෝ කෑගහන්නේ මගේ කනත් මොකක්ද උනා"

"ඒ පාට් එක මට ඕන"

"එතකොට පාට් දෙකම උබද කියන්නේ"

"මං දන්නෑ හැබැයි මට එක උරහිස පාට් එක ඕන"

"එහෙනම් ඊට කලින් එක මට දීපන්"

"බෑඈඈඈඈඈඈ"

"මට කන් ඇහෙනවා යකෝ තෝ ඒකත් නැතිකරන්නද යන්නේ කෑගහලා"

"මට ඒකත් ඕන"

"එතකොට යකෝ මේක ඩුවට් එකක් වෙන්නේ කොහොමද"

"මට වැඩක් නෑ මට ඒ පාට් දෙක ඕන"

"අයියෝ හරි හරි එහෙනම් උබම කියහන් සින්දුවම"

"මටෝන්නෑ"

"මොනාද"

"මටෝන්නෑ තමුසෙම කියාගන්නව මහලොකු සින්දුව"

"අයියෝ නෙතුන්. හරි හරි ළමයෝ මේ අහන්නකො"

"මට ඇහෙන්නෑ ඔව්වා"

"නෙතුන්..ළමයෝ"

"ම්ම්"

ඒ පාරනම් මං ලොකුකම පැත්තක දාලා උත්තර දුන්නා..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now