"පොඩ්ඩක් අහට්ට යන්කො අයියේ..මෙතන සෙනඟ වැඩියි"තෙහස් කිව්වම ඔලුව වනපු ඒකා පිට්ටනියේ අයිනකට ගියේ තෙහස් මාවත් ඇදන් යද්දි..
"So.. sweetie.. would you like to enjoy--"
පිට්ටනියේ වැඩිය සෙනඟ නොගැවසෙන, ගහකින් කවර් උනු කොටසකට අපි තුන්දෙනා ගියාම ඌ උගේ යටිතොල අතගාන ගමන් තෙහස් ඉස්සරහ ඉදන්ම අමුතු විදිහට මං දිහා බලන් එහෙම කිව්වේ මගේ ඉවසීමේ සීමාව නැත්තටම නැති කරලා දාලා..
තෙහස්ගේ අත ගසලා දාලා මං ඉස්සරහට පැන්නේ උට දෙකක් අයින්න උනත් මට කලින් ඉස්සරහ උනු තෙහස් උගේ කන පැලෙන්න එකක් දුන්නේ ඌ පැත්තකට විසි වෙලා යද්දි..
මම තුශ්ණිම්භූත වෙලා බලන් ඉද්දි අරූ උගේ කම්මුල අල්ලන් අමාරුවෙන් කෙලින් වෙලා තෙහස් දිහාවට මාරන්තික බැල්මක් දැම්මත් උගේ තොල පවා පැලිලා ලේ පිටට පැනලා තිබුනා..
"මොනාද ප#යෝ බලන්නේ!!!? කියපන් ඒක ආපහු!!"
මාරාවේශෙන් ගෙරවුමකට සමාන විදිහට තෙහස් වියරුවෙන් කෑ ගැහුවම මාව පවා වෙව්ලන්න ගත්තේ ඒ වියරුව දැකලා..
"කියපන්!!"
ආපහු පාරක් ඉස්සරහට පැන්න තෙහස් දෙවෙනි පාරටත් අරූගේ අනිත් කම්මුලට ගැහුවම ඌ දෙවෙනි පාරටත් විසි වුනා..
මට එයාව නවත්තන්න ඕන උනා.. මොකද මෙතන අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්න මට ඕනේ උනේ නෑ..
"කියපන් යකෝ! තොට හයියක් තියෙනව නම් කියපන්!!"
"පර බල්ලා තොට කොහෙන් ආව අයිතියක්ද යකෝ මගේ එකා දිහා ඇහැක් ඇරලා බලන්න!!"
"තොගේ අම්මලටවත් තෝව අදුරගන්න බැරිවෙන්න තෝව හමගහනවා දැනගනින් වේ# පො#නයා!!"
"කතා කරපිය!! කතා කරපිය!!"
කියන කියන වාක්‍යක් ගානේ තෙහස් අරූට ගහගෙන ගහගෙන ගියේ උට කතා කරගන්න තියා කෙලින් හිටගන්නවත් බැරි කරවලා..
මේ වගේ පොඩි දේකට තෙහස් මේ තරම් දරුණු වෙයි කියලා මං කොහෙත්ම හිතුවේ නෑ.. හිතන්නේ කොහොමද දෙයියනේ ශාන්ත දාන්ත බෝ පැලේ වගේනේ මේ මනුස්සයා ඉන්නේ!! එහෙම එකාට එකපාර මාෆියා කාරයෙක් වැහුනා වගේ දැන්!!
ESTÁS LEYENDO
Bloody Moon - Taekook Nonfic
Hombres LoboWerewolf කතාවක් සිංහල නම්,ගම් එක්ක ලංකාවේ style එකට කියවමුද..?😌 Bloody Moon - Taekook - Top - Tae - (Power) Bottom - Kook - Nonfic - Sinhala #1 in Nonfic ❤️ මෙය හුදෙක් රසාස්වාදය සඳහා නිර්මාණය වන බවත්, මෙහි ඇති නම්,ගම් සියල්ල මා විසින් කතාවට අනුරූපී...