Chapter 6

201 32 10
                                    

.
.
.
.
.
.
.
.
.

"මේ මේ අහපන්කො පරල වෙන්නැතුව.. මං අද හිමාශය එනකන් ඌ ඉන්න තැනට එන්නද.."

"කොතනද?? උබේ සුදුකුමාරයා ගාවද..?"

ෂෙවෝන් ඇස් දෙකත් පොල් ගෙඩි සයිස් කරන් මගෙන් අහද්දි මං ඔව් කියන්න ඔලුව උඩ පහල කලා..

"තෙහස් කැමති වෙයිද.."

"මං ඉදගන්න හදන්නේ හිමාශයගෙ පුටුවෙ මිස තෙහස්ගෙ ඔඩොක්කේ නෙමේනේ.. ඌ කැමති උනත් නැතත් මට මොකද.."

මං කොන්ඩෙත් උඩට කරලා හදාගන්න ගමන් එහෙම කිව්වම ශෙවෝනුත් ඒක අනුමත කරා..

"හරි එහෙනම්.. හැබැයි පුතේ හිමාශ ආව ගමන් උබ ආයේ හිටපු තැනටම යන්න ඕන හොදේ.."

"හරි හරි යකො ඒක එවෙලෙට බලාගමුකො.."

"මොනාද යකො බලන්න තියෙ~"

"කෑගහන්නැතුව වරෙන් යන්න දැන් උබමනෙ කිව්වෙ පැනිකුමාරයා බලන්න යන්න පරක්කු වෙනවා කියලා.."

තෙහස් ආයේ ඇවිත් කුටුකුටුව මොකක්ද අහන්න කලින් මෙතනින් යාගන්න ඕන නිසා මං ශෙවෝන් කියන්න හදපු එකත් නවත්තලා ඌවත් ඇදගෙන කොරිඩෝව දිගේ දුවගෙන ගියා.. අපි යනකොට තෙහස් ඉන්නවා පඩිපෙළ ගාව නැවතිලා..

"උබලා දෙන්නා බඩගාගෙනද ආවේ.."

"නෑ බන් මුට මේ වතුර තිබහයි කියලා වතුර ටිකක් බොනකන් හිටියා.."

තෙහස් එහෙම ඇහුවම මං ශේප් එකේ ෂෙවෝනයව පාවා දුන්නම මූ ඇස් දෙකත් හීනි කරන් ඇහිබැමිත් අකුලන් මං දිහා බැලුවේ.. හැබැයි එකපාරම හෙන ගැහුවා වගේ ඒ ඇස් දෙකම ලොකු කරන් ඇහිබැමත් විහිදුවලා එකපාරම මොනාහරි මතක් උනා වගේ මූ ආයෙම පන්තියට දුවන්න ගත්තා.. තෙහසුයි මායි මූනෙන් මූන බලාගත්තේ මුට එකපාරම මොන යකා වැහුණද කියලා හිතාගන්න බැරුව..

විනාඩියක් ගියේ නෑ ෂෙවෝන් හිස් අතින් එවෙලේ පන්තියට ගියාට ආයෙම හති ඇර ඇර දුවගෙන ආවේ අතේ උගේ වතුර බෝතලෙත් අරන්මයි..

"හි..හිමාෂයට.. උගේ ගාවහ් වතුර තියෙ..නවදහ් දන්නෑහ්.. හමෝ..හ්"

මං ඇස් දෙකෙන් වතුර බෝතලේ පෙන්නලා ඇයි කියලා ඇහුවහම ෂෙවෝන් හති ඇර ඇරම මට උත්තර දුන්නා..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now