5 කොටස

19 5 1
                                    




අපේ අයිටම් එක ඉවර වුනාම අපි දෙන්නම ඕඩියන්ස් එකට ආචාර කරලා  ස්ටේජ් එකෙන් බැහැලා ඇවිත් ඇඳුම් මාරුකරගන්න ගියේ සංගීත කාමරේට.. ඒක ඇතුලට ගියාම එළියෙන් බලන අයට ඇතුළ පේන්නෙ නෑ..අපි දෙන්නම ඇතුළට ගිහින් මං පුටුවක් උඩ කකුල් දෙකත් දිගෑරගෙන ඉඳගත්තා..ඒත් එක්කම පිටිපස්සෙන් එයා ආවෙ දොරත් වහන ගමන්..ජැකට් එකත් ගළව ගලව ආව එයා මගෙ ඔලුවට ටොක්කක් ඇන්නා...


"දැන් ඔහොම ඉඳගෙන හිටියම හරිද..ආ.. කෝ නැගිටලා ඉක්මනට චේන්ජ් කරගන්න.. අපි එතනට යන්න ඕනෙ.. වැඩි වෙලා මෙතන ඉන්න බෑ.. කවුරුහරි ආවොත්..කෝ කෝ නැගිටින්න..."


එයා මගෙ අතෙන් ඇදලා නැගිට්ටලා එයාගෙ ඇඳුම මාරු කරන්න ගත්තා.. මාත් හෙමින් හෙමින් ඇඳුම් මාරුකරගෙන ඉවර වෙද්දි එයත් ඇඳුම් මාරු කරගෙන මං ළඟට ආවා..ඇවිත් මගෙ කම්මුලකින් අල්ලගෙන නළලට හාදුවක් තිබ්බා..


"ඔයා හොඳට කරා..ඇත්තටම මං හිතුවටත් වඩා හොඳට ඒක කරා.."


'ඔයත් එහෙමයි..ඔයත් ලස්සනට කිව්වා.. මගෙනෙ ඉතින්..'



එයා හිනාවුනා..හරි ලස්සනට හිනාවුනා.. ඊට පස්සෙ අපි දෙන්නම එතනින් ඇවිත් ඕඩියන්ස් එකෙන් ඉඳගත්තා.. සුනෙත් තව ගෑනු ලමයෙක් එක්ක අනවුන්සින්..සවිඳු අයියා ඕගනයිසින් කමිට් එකේ නිසා එහෙටත් දුවනවා මෙහෙටත් දුවනවා..මං බලාගෙන අනවුන්ස් කරන ගමන් වුනත් සුනෙත් සවිඳු අයියවද කොහෙද හොයනවා..සුනෙතයට එක පාරටම හිනා යන්න එද්දි ඌ හිනාව බලෙන් නවත්තගන්නවා මං දැක්කා.. එතකොටම පිටිපස්ස බලපු මං දැක්කෙ පිටිපස්සට වෙලා ස්ටේජ් එක දිහා බලාගෙන ඉන්න සවිඳු අයියව...

.

.

.

.

පැය ගානකට පස්සෙ කොන්සර්ට් එක ඉවර වුනාම අපි ගෙදර යන්න ලෑස්ති වුනා..මං ඉංග්‍රීසි අසයිමන්ට් එකක් කරන්න දෙව්නිත් අයියලාගෙ ගෙදර යනවා කියලා අම්මලට කියලා ආවෙ.. පහුගිය දවස් ටිකේ කොන්සර්ට් එකේ අයිටම් එක පුරුදු වෙන්න දෙව්නිත් අයියා අපේ ගෙදර ආපු නිසා අපෙ අම්මලා එයාව දන්නවා..ඒ නිසා මට එහෙ යන්න එපා කියලා කිව්වෙ නෑ.. සුනෙත්ලත් ගෙදර යන්න පිටත් වුනාම මායි දෙව්නිත් අයියයි එයාගෙ බයික් එකේ එයාලගෙ ගෙදර ආවා.. ඒක අපේ ගෙදරට වඩා ලොකු ගෙයක්..මං බයික් එකෙන් බැහැපු ගමන් ගේ දිහා කටත් ඇරගෙන බලන් ඉන්නවා දැකපු දෙව්නිත් අයියා මාවත් එක්කගෙන ගේ ඇතුළට යද්දි එයාලගෙ අම්මා ඉස්සරහට ඇවිත් ලස්සනට හිනා වුනා.. එයා ලස්සනයි..දකින කෙනෙක්ට හිතෙන්නෙ ඒ දෙව්නිත් අයියගෙ අක්කා කියලා..ඒ තරම් ලස්සනයි පොඩි පාටයි...


නුඹේ සිනා ළඟ💜️(sope)Where stories live. Discover now