15 කොටස(අවසානය)

31 5 2
                                    

'අනේ දෙයියනේ.....'


මට එච්චරයි කියවුනේ.. දොර අරිනවත් එක්කම මං දැක්කෙ ගෝල්ඩ් ඇන්ඩ් අයිවරි කලර්ස් වලින් ඩෙකරේශන් කරපු හෝල් එකයි,හෝල් එක පිරෙන්නම හිටපු සෙනගයි..

අම්මයි තාත්තයි එක්ක මං හිමින් හිමින් හෝල් එක මැදින් ඉස්සරහට යන්න තිබුන ඉඩ දිගේ ඇවිදගෙන ගියෙ අමුතුම හැඟීමක් එක්ක.. මට එයාව බලන්න ඕනෙ.. එයා අද ලස්සනට ඇති...


ඉස්සරහට යනවත් එක්කම දැකපු දෙයින් මගෙ ඇස් ලොකු වුනා වගේ ම මටත් නොදැනිම මගෙ ඇස්වල කඳුළු පිරුනා... අනේ දෙයියනේ එයා ඉන්නවා.. ගෝල්ඩ් අන්ඩ් අයිවරි කලර් ෆුල් සූට් එකක් ඇඳගෙන එයා ඉන්නවා...


මං ඉස්සරහට යනවත් එක්කම එයා මගෙ පැත්ත හැරුණා.. මාව දැකපු ගමන් එයාගෙත් ඇස් ගැස්සුනා මං දැක්කා.. මාත් එයා වගේම ගෝල්ඩ් ඇන්ඩ් වයිට් කලර් ෆුල් සූට් එකක් ඇඳලා හිටියෙ.. මං එයා ළඟට ගිහින් එයාට එහා පැත්තෙන් හිටගත්තා.. ඒ ඇස්වල කඳුළු.. එයා හැඟීම් ගොඩාක් පිරුණු මූණකින් මං දිහා බලන් හිටියා.. මං එයාට හිනාවක් දුන්නම එයත් මං දිහා බලලා හරි ආදරණීය විදියට හිනා වුනා...

පැයක් විතර ඇතුළත අපේ පොරොන්දු වීම්, දිවුරුම් ඔක්කොම ඉවර වෙලා කෑම කාලා අපි ඉඳගෙන හිටියෙ ඩාන්සින් ෆ්ලෝ එක ඉස්සරහ... සුනෙතයගෙ වැඩේ ළඟට එනවා 'අද රෑට... අද රෑට' කියනවා කොහෙට හරි දුවනවා..ආයෙම ටිකකින් එනවා 'අද රෑට අම්මෝ නේත' කියනවා ආයෙ යනවා.. ඌ එක සැරයක් ළඟට ආවම මං ඌට 'මං ආසාවෙන් හිටියෙ උඹලගෙ ළමයි මගෙ වෙඩින් එකට ඇවිත් ඉන්නවා බලන්න' කිව්ව පාර මූ ආයෙ ආවෙත් නෑ.. හොයාගන්නත් නෑ..

ටික වෙලාවකින් සුනෙත් දෙව්නිත් අයියට හොරෙන් මට මයික් එක ගෙනත් දුන්නා.. ඊට පස්සෙ ටික වෙලාවකින් මියුසික් එකක් ප්ලේ වෙන්න ගත්තා...

"සේද මාවත් හැන්දෑවේ
මතක මං පෙත ගං තීරේ
කිසිදිනේ නොසිතූ ලෙසේ හමුවුනා

තුරුණු වියෙ අප සිත් යායේ
රහසෙ බැඳි පෙම තුන් යාමේ
හදවතේ නොමැකෙන ලෙසේ ලියැවුනා

ඔබේ හද මා සුව වින්දේ
රහසින් පෑයූ තරුවක් විලසින්
කුමරියයි ඔබ විජිතයේ සෑමදා

You've reached the end of published parts.

⏰ Last updated: Feb 01 ⏰

Add this story to your Library to get notified about new parts!

නුඹේ සිනා ළඟ💜️(sope)Where stories live. Discover now