14 කොටස

19 3 1
                                    

පහුවදා උදේම මම දෙව්නිත් අයියව හම්බෙන්න පාක් එකට ගිහින් එයත් එක්ක කතා කළේ ඉස්සරහට වෙන්න ඕනෙ දේවල් ගැන.. එයා කිව්වෙ එයා හැමදේම බලාගන්නම් එතකන් මට කැම්පස් එකේ වැඩ ටික කරගෙන යන්න කියලා.. කැම්පස් එකේ අසයිමන්ට් එකක් කම්ප්ලිට් කරන්න තිබුන නිසා මං දෙව්නිත් අයියා එක්ක ගොඩක් වෙලා ඉන්නැතුව ගෙදර ආවෙ හෙට ආයෙම කැම්පස් යන්න ඕනෙ නිසා.. දෙව්නිත් අයියා පහුවදා උදේම ඇවිත් මාව කැම්පස් එකට එක්කගෙන ගියා.. එයා කිව්වෙ ඉතුරු මාසවල හැමදාම එයා මාව එක්කන් යන්න එන්නම් කියලා..

.

.

.

.

.

.

.

.

.

ජීවන් චර්‍යාව වෙනසක් නොවී ඉතුරු මාස ගානම එකම විදියටම ගෙවිලා ගියෙ හරියට ඇහි පිල්ලමක් ගහන වේගෙන් වගේ.. තව සති දෙකකින් අපේ graduation එක.. හොඳම දේ කියන්නෙ හෙට සුනෙත්ගෙයි සවිඳු අයියගෙයි වෙඩින් එක.. මායි දෙව්නිත් අයියයි අද ඉඳන්ම හෙට යන්න ලෑස්ති වෙනවා.. යන්නෙ දෙව්නිත් අයියා එක්ක නිසා මං අදා දෙව්නිත් අයියගෙ ගෙදර නතර වෙන්න තීරණය කරා.. අපි දෙන්නා හෙට ඇඳගෙන යන ජොකාගෙ ඉඳන්ම ලෑස්ති කරලා නිදාගන්න ඇඳට ගියෙ හෙට උදෙන්ම සුනෙතුයි සවිඳු අයියයි ඉන්න තැනට ගිහින් ආයෙම හොටෙල් එකට යන්න ඕනෙ නිසා...


මම ඇඳට වෙලා විනාඩි දහයක් විතර යද්දි පහළට ගියපු දෙව්නිත් අයියා කාමරේට ආවා..ඒ ආපු විදියට මට තරු පේන්න ගත්තා.. දොර වහනවත් එක්කම ඇඳගෙන හිටපු ෂර්ට් එක ගළවලා පුටුවකට දාලා මනමාල හිනාවක් දාගෙන එද්දි ඒ මූණ දැකපු මට දුවන්න හිතුනා..


එයා හිමින් හිමින් ඇඳ ළඟට ඇවිත් මගෙ එහා පැත්තෙන් හාන්සි වුනා.. හාන්සි වෙලා මගෙ පැත්ත හැරිලා අල්ල උඩින් ඔලුව් තියාගෙන මගෙ කම්මුලක් පිට අල්ලෙන් අතගාන්න පටන් ගත්තා..
අවුරුදු ගානක් එයා එක්ක හිටියා වුනත් එයාගෙ දවසින් දවසේ වෙනස් වෙන පොඩි පොඩි දේවල් නිසා මාව රතු වෙලා පුපුරන්න ආවා..

විනාඩි දෙක තුනකට පස්සෙ එයා උඩුබැලි අතට හිටපු මගෙ ඇඟ උඩට ආවෙ මට හිතන්නවත් වෙලාවක් නොදී..  එයා මගෙ මූණට ළං වෙලා කතා කරා...

නුඹේ සිනා ළඟ💜️(sope)Where stories live. Discover now