12 කොටස

14 2 2
                                    

'අද ගෙදර ගිහින් ඉවරයි.. අම්මා එන්න ලෑස්ති වෙලත් කිව්වෙ ඉක්මනට ගෙදර එන්න කියලා...'

"ඊයෙ හිටපු විදියට ගෙදර ගියානම් කොහොමත් ගුටි කාලා මැරෙයි.. මූණ හෝදගෙන පහළට එන්න කෑම කන්න.. අර දෙන්නත් කෑම කන්න අපි එනකම් බලන් ඉන්නවා..."

'ඔයාලා ඉව්වද..?'

"නැහ්.. ඕඩර් කරා.."

එහෙම කියාගෙන දෙව්නිත් අයියා පහළට ගියෙ මටත් ඉක්මනට එන්න කියාගෙන..ඉක්මනට ඉක්මනට මූණ හෝදගෙන මං පහළට දුවද්දිත් ඒ තුන්දෙනා කෑම මේසෙට වෙලා ඉඳගෙන කතා කර කර හිටියෙ..මං එනවා දැකපු සුනෙතයා මහ මනමාල බැල්මක් මං දිහාට දැම්මම මං ඌට මැද ඇඟිල්ලත් පෙන්නගෙන ගිහින් දෙව්නිත් අයිය ළඟින් ඉඳගත්තා.. කෑම කද්දිත් හතර දෙනාගෙ කතාවනම් විනාඩියකටවත් නතර වුනේ නෑ.. කෑම කාලා කාමරේට ගිහින් දෙව්නිත් අයියයි මායි පිස්සු නට නට ඉඳලා උදේ දහයට විතර අපි ගෙදර ගියා.. දෙව්නිත් අයියා කිව්වා අද එයා එක්ක ඩිනර් අවුට් එකකට යමු කියලා.. මං එයාටත් හා කියාගෙන ඇවිත් අම්මවත් අවුස්සලා දවසම ෆිල්ම් බලලා, නිදාගෙන කාලා දැම්මා.. හය හමාරට විතර මං දෙව්නිත් අයියා එක්ක ඩිනර් එකට යන්න ලෑස්ති වුනා.. බ්ලැක් කලර් ලෝන්ග් ස්ලීව්ඩ් සිල්ක් ෂර්ට් එකට සුදු පාට ට්‍රවුසර් එකක් ඇඳලා කොණ්ඩෙ උඩට කරලා හදලා එක කොණ්ඩ කෑල්ලක් නළලට වැටෙන්න හදලා තියෙන හැම ජාතියම මූණට ගාගෙන සෙන්ට් ගහගෙන හැන්ඩියා වගේ එළියට එද්දි දෙව්නිත් අයියා අම්මා එක්ක බර කතාවක්.. මාව දැක්ක පාර කොල්ලට අම්මා එක්ක කතා කරන එක අමතක වෙලා මං දිහා ඇස් ලොකු කරගෙන බලන් හිටියා.. මං ළඟට ගිහින් උගුර පාදලා අපි යමුද ඇහුවමයි කොල්ලා හොඳ සිහියට ආවේ.. දෙව්නිත් අයියා ඇවිත් තිබුනෙ කාර් එකේ.. කතාවක් නැතුව දෙන්නම ගිහින් කාර එකෙන් ඉඳගෙන ටික දුරක් ආවට පස්සෙ දෙව්නිත් අයියා කාර් එක අයිනට කරලා නැවැත්තුවා.. කාර එක නවත්තලා මං පැත්තට හැරිලා ලස්සනට හිනා වෙලා මට ළං වුනා.. ටික වෙලාවක් මූණ දිහා බලන් හිටපු එයා තත්පර ගානක් මගෙ තොල් උඩ එයාගෙ තොල් තියාගෙන ඉඳලා ඈත් වුනා.. ඈත් වෙලා මගෙ කම්මුල් දෙක අත් දෙකෙන් අල්ලගෙන මගෙ මූණට ළං වුනා..

නුඹේ සිනා ළඟ💜️(sope)Where stories live. Discover now