1st chapter

158 12 3
                                    

යකඩෙන්ම තනපු විශාල දොර විවෘත වෙද්දි ග්ලැඩියේටර්වරයා ඉස්සරහට අඩියක් තිව්වා...කවාකාර විශාල එලිමහන් අංගනය පුරා රැස් වෙලා ඉන්න මිනිස්සුන්ගෙ උද්යෝගිමත් හඬ තමන්ගෙ සවන්පත් වල රැව් දෙද්දි ඔහු වගේම තවත් ග්ලැඩියේටර්වරු දස දෙනෙක් බලන් හිටියෙ සටන් කරන්න සූදානමින්..

සටන පටන් ගනිද්දි ලේ වගුරවමින් දරුණුවට සටන් වදින ඔවුන් දිහා බලන් හිටියෙ ජනතාව විතරක් නෙවෙයි, පොම්පේ කියන සමෘද්ධිමත් ප්‍රදේශය ට අධිපතියත් තමන්ගෙ රැජින වගේම තරුන කුමාරයා එක්ක ප්‍රධාන පීඨිකාවෙ රැඳිලා හිටියා....

ටේහ්‍යුන්ග් නැත්තන් පොම්පේ වල කුමාරයා ගෙ නිල් ඇස් වල තිබ්බෙ ඒ දර්ශනය ගැන ප්‍රියතාවයක් නෙවෙ....නමුත් තමන්ට පේන දර්ශනය ඇතුලෙ ඉන්න කඩවසම් රූපයක් ලඟ ඔහුගෙ ඇස් නැවතිලා....ඉතින් ඒ අභෞතික සුන්දරත්වයකට හිමිකම් කියන සියුමැලි අහිංසක කුමාරයා දැඩි ගති ඇති ග්ලැඩියේටර්වරයෙක්ට තමන්ගෙ හිතින් බැඳිලා.... ඔහු කවුද...
______________________________________________

"තමුසෙ දන්නවද හර්කිවුලේනියම් වල අලුත් කුමාරයා ගැන..."

"නැහැ"

"අප්පා වගේම පුතෙක් ඌත්.."

"බලලෝභියෙක්..."

"ඔව් ලඟදිම මෙහෙටත් උගේ කුණු හොම්බ ඔබන්න බැරි නෑ..."

සටන අතරතුර වෙච්ච තුවාල වලට බෙහෙත් තියන ගමන් නම්ජූන් අලුත් තොරතුරු ටික ජංකුක් ට කිව්වත් වැඩි කතාවක් නැති ඔහු තමන් දැකපු පුංචි කුමාරයගෙ ලෝකෙට වෙලා කල්ගත කරා...

"තමුසෙ මොනවද හිතන්නෙ.."

"හ්‍යුන්ග්,"

"ඔව්"

"කුමාරයාව දැක්කද.."

"අර අල්ලපු වැටේ එකාව ද,ඒකව දකින්න මං එහේ ගියෙ නැනෙ මිනිහො..."

"ටේහ්‍යුන්ග් කුමාරයා..."

"ඇයි ඔහු ගැන හිතන්නෙ?"

"සටන අතරෙදි මං දැක්කා,ඔහු මං දිහා විතරක්ම බලන් ඉන්නවා"

"ඔහු කුමාරයෙක් ජංකුක්,තමුසෙ ග්ලැඩියේටර්වරයෙක්...ඒ ගැන හිතනවා.."

"ඒත් හැඟීම් වලට උසස් පහත් බවක් නෑ"

"දැනට ඒ ගැන හිතන් නැතුව ඉන්නවා...අපි බලමු..."
______________________________________________

The Pompeii [Completed] ✓✓Where stories live. Discover now