දවස් දෙකක් ගෙවිලා යද්දි ජංකුක් සූදානම් වුනේ මීළඟට සටන් වදින්න සටන් බිමට යන්න....ටේහ්‍යුන්ග් කුමරුන්ගෙ ලස්සන නිල් පැහැති දෑස් වලින් ලැබෙන එක බැල්මක අයිතිකාරයා වෙන්න...
සටන් බිමට පා තියද්දි ජංකුක්ට වැටහුණා අද තමන්ගෙ බලාපොරොත්තු ඉටු වෙන්න ඉඩක් නෑ කියලා..අශ්වයෙක්ගෙ පිටේ හිටපු සොල්දාදුවා ඒ බව තහවුරු කරා..
"ටේහ්‍යුන්ග් කුමරු පැහැරගෙන ගියා....සටන ඇරඹුනා...."
"ටේහ්‍යුන්ග් කුමරු පැහැරගෙන ගියා....සටන ඇරඹුනා..."
නම්ජූන්වත් ඇදගෙන ජංකුක් එළියට දිව ගියා...තමන් දන්න සියලුම කෙටි මාර්ග පහු කරන් ටේහ්‍යුන්ග් කුමරු හොයන් යන්න ජංකුක් සූදානම්....
"ජංකුක් ඉන්න..."
"ඇයි...?"
"ඉස්සරහ තත්වෙ පේනවද..? අපිට බෑ ඒ හැම හතුරෙක්ම පහු කරන්න.."
"මොකක්...?"
"ටේහ්‍යුන්ග් හොයා ගන්න...මං ගැන වද වෙන්නෙපා...මං අනිත් පැත්තෙන් මාලිගාව ලඟට ඇවිත් ඉන්නම්.."
නම්ජුන්ගෙ විශ්වාසවන්ත ඇස් දිහා බලපු ජංකුක් තමන්ගෙ මිත්‍රයා සහෝදරයා වුන නම්ජූන්ට සමු දුන්නා....
______________________________________ජංකුක්ගෙ දරුණු අසිපත් ප්‍රහාර වලට මුහුණ දුන්න හර්කිව්ලේනියම් සොල්දාදුවොන්ගෙ සිරුරු පහු කරන් ජංකුක් දුවන්නෙ ඈතින් පේන අශ්ව කරත්තය දිහාවට...
තමන්ගෙ හදවතේ සටහන් වුන එකම ප්‍රේමය...තමන් තුළ දළුලන එකම ආදරය ඒ අශ්ව කරත්තෙ එක්ක තමන්ගෙන් ඈත් වෙන්න යන එක ජංකුක්ව කෝපයෙන් කුපිත කරලා....
ඉස්සරහට මුණ ගැහෙන හැම සොල්දාදුවෙක්ම ප්‍රාණය නිරුද්ධ වෙලා වැටෙන තරම් දරුණු කෝපයකින් ආවේගයකින් දුවන ජංකුක් දිහා , කරත්තෙ ඇතුලේ කඳුලු වලින් තෙමුණ ඇස් දෙකක් බලන් හිටියා...
ටේහ්‍යුන්ග් කුමාරයා දූවිල්ලෙන් වැහිලා තුවාල වුන අත් පා එක්ක කරත්තෙ ඇතුලෙ වැටිලා බලන් හිටියා..ටික ටික ඈත් වෙලා යන කරත්තෙ අශ්වයා මුවින් ලොකු ශබ්දයක් නිකුත් කරන ගමන් නැවතෙද්දිත් ඒ අසරණ බැල්ම ඒ විදියටම ජංකුක් දිහාවට යොමු වෙලා තිබ්බා....
ඈත අහසෙ ඉඳලා වේගෙන් ආපු ගින්දර බෝලයක් ඈතට වැටෙද්දි ලොකු කාලෙකට පස්සෙ හැම කෙනෙක්ම මරහඬ තිව්වා......,
"විසූවියස් පුපුරා ගියා......"
🌋🌋🌋
VOUS LISEZ
The Pompeii [Completed] ✓✓
Fanfictionවැළලී ගිය පුරාවෘත්තයක නොමියෙන ප්‍රේමය.. . . . . . . . . . . . . . . 🚫කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්🚫