2nd chapter

50 9 1
                                    

" එක් ක්‍රමයක් තියනවා   කුමරුනි.."

"කුමක්ද..?"

"රජුගෙ පුත් කුමාරයාව පැහැර ගෙන රැගෙන යමු..ඔහු ඉතාම සුන්දරයිලු..ඒ වගේම සියුමැලියිලු.."

"තමුන් නම් මගේම මිතුරා ජොහැන්නස්..."

"ස්තූතියි කුමරුනි..."

හර්කිවුලේනියම් වල නගර කොනේ තැබෑරුමක සාමාන්‍ය ජනයා මෙන් සැරසුනු කුමාරයාත් ඔහුගේ මිතුරු ග්ලැඩියේටර් වරයාත් අසල්වැසි රාජ්‍ය වන පොම්පේ හි බලය ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කරන අතරතුර එක් වරම භූමිය තුලින් සුලු කම්පනයක් ගලා ගියා....
______________________________________________

"පුංචි කුමාරයා හරිම මුරන්ඩුයි නේ..."

"ඔයා නිශ්ශබ්ද වෙන්න..මට මේක කරන්න දෙන්න..."

සටන් කරන අතරවාරයේ ජංකුක් ගේ අතක් තරමක් ගැඹුරට තුවාල වූ හෙයින් සියල්ලන්ගේම ඇස් වසා ටේහ්‍යුන්ග් කුමරු ජංකුක්ව සොයාගෙන පැමිනිලා...

"රිදෙනවද...මං පුලුවන් තරම් මෘදු වෙන්න බලන්නම්..."

"ම්හ්...."

තමන්ගෙ ඉදිරියෙන් දර්ශනය වෙන සුන්දර මුහුණ වෙතට දෑස් අලවන් ඉන්න ජංකුක්ට කිසිවක්ම ඇහුණෙ නෑ...චලනය වෙන රෝස තොල් එක්ක පරිපූර්ණ රුවක් තමන්ගෙ ඉදිරියෙන්....

"හොඳයි...මා යා යුතු වෙලාව...."

කුමරුන්ගෙ ඇස් කලබලකාරීව ඈත මෑත යන හැටි ජංකුක් කෙලිලොල් හිනාවක් ඇතිව නැරඹුවා...දෑත් වල ඇඟිලි තමන්ගේම දෑතින් අඹරමින් මදක් රැඳුනු කුමාරයා ජංකුක්ගෙ කොපුලක් මතින් හාදුවක් තැබුවා....

නිහඬ හා ගල්වුනු මනසකින් මදක් රැඳුනු ජංකුක් පියවි සිහියට පැමිණෙන විටත් ඔහුගෙ පුංචි කුමරුන් පැන ගිහින් තිබුණා..

🌋🌋🌋

The Pompeii [Completed] ✓✓Where stories live. Discover now