5th chapter

47 10 1
                                    

"ජංකුක්,ජංකුක් මොකද වෙන්නෙ..?"

සතුරො අතෑරලා ගිය කරත්තෙන් එළියට ගත්ත ටේහ්‍යුන්ග් කුමාරු ජංකුක්ගෙන් ඔහුගෙ අතක එල්ලිලා අහද්දි මුකුත් නොකිව්ව ජංකුක් කුමාරයා ව උස්සලා අශ්වයගෙ පිට උඩින් තිව්වා....

ඈතින් ලොකු මකරෙක් වගේ ගලාගෙන එන ලාවා කන්ද දිහා බලලා අශ්වයගෙ තෝන් ලනු හයියෙන්ම ගසපු ජංකුක් කුමාරයවත් අරන් යන්න පිටත් වුනා...
________________________

ඒ අතටවත් මේ අතටවත් යන්න බැරුව හිරවෙලා හිටපු හැම මනුස්සයෙක්වම එළියට යවපු නම්ජූන් බැලුවෙ ලඟ එන ලාවා කන්ද දිහා...

"ජූන් එන්න... කරුණාකරලා..."

ඈතින් ඇහෙන අහිංසක කටහඬ අයිති තමන්ගෙ හිත ගත්ත තරුණයා දිහා බලපු නම්ජූන් කිව්වෙ එක දෙයයි..

"දුවන්න ජින් දුවන්න...නවතින්නෙපා..දුවලා බේරෙන්න..."

ඒත් ප්‍රමාද වැඩියි...දණ ගහන් ඉඳපු නම්ජූන්ව එතනම ලාවා වලින් වැහෙද්දි ඈත ඉඳන් නම්ජූන් ගාවට දුවන් එන්න හැරුන ජින්වත් ක්ෂණයකින් ඒ ගින්දරට මැදි වුනා...
____________________________________

"ජංකුක්...අපි කොච්චර දිව්වත් වැඩක් වෙන්නෙ නෑ...නවත්තන්න..."

ටේහ්‍යුන්ග් කුමාරයා කොච්චර කෑ ගැහුවත් ජංකුක්ගෙ හිතේ තිබ්බෙ එක දෙයයි,තමන්ගෙ ආදරේ බේර ගන්න...

නගර සීමාව පහු කරන් මුහුද දිහාවට යන ගමන් හිටපු අශ්වයා ඉස්සරහට වැටුනු ගිනි පුපුරක් නිසා මහ හඬින් කෑ ගහලා ඉස්සරහ කකුල් ඉස්සුවා...

අශ්වයාගෙ පිට මතින් ලිස්සලා ගිය ජංකුක් බිමට වැටෙද්දිත් ටේහ්‍යූන්ග් ජංකුක්ගෙ අත් අතරෙ පරිස්සමට හිරවුනා...බිමින් නැගිට ගත්ත ජංකුක් කුමාරයවත් අරන් දුවන්න පටන් ගත්තා....ඒත් ඒක පහසු නෑ..කුමාරයා ඉක්මනින්ම හති වැටුනා...

ලඟ ලඟම එන මරණය පිළි ගන්න තමන් සූදානම් බව ජංකුක් දන්නවා...ඒත් තමන්ගෙ ආදරේ....ඔහු කොහොමද ඒක දරා ගන්නෙ...

ටේහ්‍යුන්ග් නැවතුනා....

"ජංකුක් මේ බලන්න..."

"මගෙ කුමරුනි..."

"නවත්තන්න ජංකුක්...මං දිහා බලන්න.,"

තමන් ඉස්සරහ ඉන්න ශක්තිමත් ග්ලැඩියේටර්වරයාගෙ මුහුණ අත් වලට මැදි කරන් ඒ  තියුණු නමුත් අහිංසක ඇස් දිහා ටේහ්‍යුන්ග් කුමරු මද හිනාවක් එක්ක බලන් හිටියා...

"මාත් සූදානම් ජංකුක්..මට ඒක පිළිගන්න පුලුවන්...ඒත් මට යමක් කියන්න ඉඩ දෙන්න මුලින්ම..."

"මගේ පුංචි වස්තුව,මං ඔබට ආදරෙයි මගේ පුංචි කුමරුනි..."

"මාත් ආදරෙයි ජංකුක්...ඇයි මෙතරම් ප්‍රමාද වුනේ..."

විඳින්න අවස්ථාව නොමැති ප්‍රේමය ටේහ්‍යුන්ග් කුමරුන්ව දැනටමත් කඳුලු වල ගිල්වලා තිබුනා...හදවත රිදෙන හැඟීමක් ජංකුක්ට වගේම කුමාරයටත් සමානවම දැනුණා...

"සමාවෙන්න මට..ඒත් දැන් මා දෙස පමනක්ම බලන්න....මා වෙත පමණක් ඔබේ අවදානය දෙන්න මගේ කුමරුනි.."

කඳුලු වලින් ආදරයෙන් පිරුණු ජංකුක්ගෙ ඇස් අස්සෙ ගිනිදලු වල ප්‍රතිබිම්බය පෙනෙන්න ගද්දි  ටේහ්‍යුන්ගෙ තොල් ජංකුක්ගෙ තොල් අතරට හිර වුනා..ලස්සන නිල් ඇස් පියවුනා...කඳුලු වල පහස කම්මුල් තෙමද්දි ටේහ්‍යුන්ග් කුමාරයා ජංකුක්ගෙ අත් අතරට තදින් හිරවුනා....

🌋🌋🌋

The Pompeii [Completed] ✓✓Where stories live. Discover now