CHAPTER 13(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤

475 86 11
                                    

කාලය ගොඩක් වේගෙන් ගියා. වෙන්නේ මොනවද කියලා හිතන්නත් කලින්.

ජීවිතේ ට අඩු වෙලා තිබ්බ ආදරයක් අප්පට අලුත් ඔම්මා සාරාගෙන් ලැබෙන්න ගත්ත නිසා එයාගේ ජීවිතේ නම් සම්පූර්ණ උනා. මියාව අප්පා ආදරෙන් එයාගේ චූටි දුව විදියට පිළිගත්තා.

ඒත් ඇත්තමයි මම තාමත් එයාලා එක්ක දුකින් හරි ජීවත් වෙන්නේ අප්පාට  ඉස්සර  පසුතැවිලි වෙන්න දෙන්න ඕන නැති නිසා. මොකද මම එයාලා ගැන දැන ගත්තා. කවුරු එයාලව දැන් විශ්වාස කරත් මට එහෙම කරන්න බෑ. මියා ගැන මම හොදටම දන්නවා.





⬅️⬅️⬅️⬅️⬅️⬅️

Teahyung- ජන්ග්හි මට ඔයාට කියන්න ඕන උනේ....

ටේ හොදටම රතු වෙලා. එයා විතරක් ම නොවෙයි ජන්ග්හි වන මමත් හොදටම බය වෙලා තමයි හිටියේ මගේ ඔළුවත් අද ටිකක් රිදෙන්න ගත්තා. මම හිතන්නේ ටේ මාගේ හිත  කරන තරමට මගේ ඔළුවත් පැලෙන්න එනවා වගේ.

මොනා උනත් මම දන්නවා අවසානෙදි එයාට ඒක කියන්න ඕන වෙනවා කියලා. ටේ මට කැමැත්තෙන් ඉන්නේ කියලා තේරුම් ගන්න මට අමාරු උනේ නෑ. එයා හැසිරෙන විදියෙන් මම ඒක තේරුම් ගත්තා.

" මට නම් ඉවසිල්ලක් නෑ.... "

ආහ්... දෙයක් අමතක උනා ස්කූල් එකේ හැමෝම දැන් අප්පයි මමයි ගැන දන්නවා. ඒ විතරක් නෙවෙයි සාරා ඔම්මා, මියා ගැනත් දන්නවා. ප්‍රොෆෙසර් ජූන් ඒ ගැන හැමෝමටම කිව්වා ඒත් මේක අප්පට ඕන උන දෙයක් නෙවෙයි. සාරා ඔම්මාට ඕන උන දෙයක්.

එදයින් පස්සේ ගොඩක් දේවල් වෙනස් උනා. වෙනදා වගේ මගෙත් එක්ක කතා කරන්න ජෙනී, ජිමින් , ටේ ඇරෙන්න වෙන කවුරුත් ආවේ නෑ. ගොඩක් අය මාව දකින දකින සැරේට රහස් කියනවා.

හරි ඔන්න ආයෙත් අදාල පොයින්ට් එකට එමු.

Junghi- ටේ මොකක් ද ඔයාට මට කියන්න ඕන.

Junghi- ම්....ඇයි මට මෙතනට එන්න කිව්වේ..!!

" මට ඒක එයාගේ කටින් ම අහගන්න ඕනී ... හී... "

Teahyung- හරි මම කෙලින්ම කියන්න නම්. මං ගැන වැරදියට හිතන්න එපා ජන්ග්හි.

Teahyung- අපි හොඳ යාළුවෝ කියලා මම දන්නවා. ඒත් මගේ හිතේ ඊට වඩා දෙයක් ඔයා ගැන තියනවා.

  𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ || Where stories live. Discover now