Midnight Snack 💋

727 112 37
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


> chapter two <





ෆොටෝස් ටිකක් එඩිට් කරලා පෙන් ඩ්‍රයිව් එකට දාගෙන කම්පියුටර් එක ඕෆ්ෆ් කරලා තේහ්‍යුන්ග් ඇදට වැටුණේ ෆෝන් එකෙන් වෙලාව බලන ගමන්මයි..

🐯 අම්මෝ දොළහත් පහුවෙලානේ.. බඩත් කෑ ගහනවා ආයීශ්ශ් 🐯

තේහ්‍යුන්ග් ඇදෙන් බැස්සේ බඩට මොනාහරි දාගන්න කියලා හිතාගෙනයි..

දොරත් ඇරගෙන ලයිට් නොදාම ෆෝන් එකේ ටෝච් එකත් ඔන් කරන් තේහ්‍යුන්ග් හිමින් හිමින් පහළට ගියේ සද්ද ඇහුණොත් අර දෙන්නා ඇහැරේවී කියලා හිතලමයි..

පහලට ගිහින් කිචන් එක පැත්තට ගිහින් SNACK කබඩ් එක ඇරියේ මොනාහරි පොඩි දෙයක් කටට දාගෙන කිරි එකක් බීලා නිදා ගන්නවා කියලා හිතාගෙනයි..

ඇත්තටම කිව්වොත් මේක තේහ්‍යුන්ග් ගේ පුරුද්දක් වුණා... මහ රෑට රෑට SNACK කන එක..

හැබැයි කවුරුත් ඒක එච්චර නෝට් කරලා තිබුණේ නෑ..

තේහ්‍යුන්ග් කබඩ් එකෙන් බිස්කට් එකක් අරගෙන මේසෙන් වාඩි වුණේ කිරි වීදුරුවකුත් පුරෝගෙනයි..

බිස්කට් පැකට් එකෙන් බාගයක්ම කාලා ආයෙමත් ඒක කබඩ් එකට දාලා කිරි වීදුරුවත් එක හුස්මට බීලා තඩි ඈනුමක් ඇරියේ නිදිමත කට අගටම ඇවිත් තියෙද්දියි..

ඊට පස්සේ එහෙම්මම නැගිටලා ටෝච් එකත් පත්තු නොකරම තරප්පු පෙළ දිහාට ඇවිදන් ගියේ පුරුද්දට වගෙයි..

එක වරම කළුවරේ යන තේහ්‍යුන්ග් නතර වුණේ ඉස්සරහින් ආපු කෙනෙක්ගේ ඇගේ හැප්පිගෙනයි..

" කවුද ? "

දෙදෙනාම එකවර කිව්වේ ටෝච් දෙක පත්තු කරලා මූණු වලට අල්ල ගනිද්දියි..

MIDNIGHT SNACK ✅Where stories live. Discover now