CHAPTER 04

709 153 84
                                    

"washroom එක තියෙන්නේ කොහෙද?"

 
ජන්කුක් හදිස්සියෙන් වගේ සේවකයෙකුගෙන් ඇහුවා.ඇස් දෙකත් රතු කරගෙන අඩන්න ඔන්න මෙන්න වගේ හිටපු කොල්ලව දැකපු සේවකයා "කෙලින්ම ගිහින් වමට හැරෙන්න එතන washroom එක තියනවා." කිව්වා.

 
"Thank You"

කියූ ජන්කුක් ඉක්මනින් washroom එකේ sink එක ලගට ගිහින්, හයියෙන්ම ටැප් එක ඇරලා එයාගේ තොල් සෝදන්න ගත්තා.

 
ඔහු තමන්ගේ තොල් තදින් අතුල්ලගෙන අතුල්ලගෙන ගියේ හයියෙන් අඩන ගමන්.ඔහු ඔළුව උස්සලා කණ්ණාඩියෙන් පේන ප්‍රතිබිම්බය දිහා බැලුවා.

 
"න-නපුරා" ඔහු මුමුනද්දී, ඒ බෝල ඇස් වලින් කදුළු කැට දෙකක් ගලාගෙන ගියා. "කොහොමද එයා මාව එහෙම kiss කරන්නේ?"

 
ටැප් එක වහපු ජන්කුක් cute pout එකක් හදාගත්තා. "මට එයාව ආයේ කවදාවත් දකින්න ඕනි නෑ..."

---------------------------------------------------------------

ජන්කුක් කඩා බිදගෙනම බිල්ඩින් එකෙන් එලියට ආවා. "කිම් ටේහියුන් මං තමුන්ට වෛර කරනවා" ඔහු මිමිණුවා, අන්තිමට ඔහු අවිදන එක නතර කලේ බස් හෝල්ට් එකට ආවට පස්සේ.

 
ඔහු බස් ස්ටොප් එකේ බෝඩ් එක දිහා බලාගෙනම සුසුමක් පිට කළා.ඔහුට ආපහු පාරක් ටේහියුන්ගේ වචන මතක් වුනා,

 
"divorce වුනා? ඔයා මාව divorce කරාද?"

"මොකක්ද එයා ඒ කිව්වේ?" ජන්කුක් තොල් දෙකත් නොපිට පෙරළන් මිමිණුවා. "ඒ කපටි හැන්ඩ්සම් මෝඩ hot කොටියා!!!ආආආආආආ.............................. I hate him!!!" ඔහු එහෙම කෑ ගහද්දි වටේ හිටපු මිනිස්සු ඔහු දිහා අමුතු විදිහට බලන්න ගත්තා.

 
ආපහු සුසුමක් පිට කරපු ඔහු අත් දෙකත් පපුව හරහා බැදගෙන, "මට හිතෙන්නේ මට ආපහු law firm එකට යන්න වෙයි..."

 
------------------------------------------------------------------
"අපි divorce වෙලා නෑ?!"

"ඔව් Mr. Jeon අහ් නෑ නෑ Mr. Kim. Technically ඔයා තවම කිම් ටේහියුන්ගෙන් divorce වෙලා නෑ"ලෝයර්, Mr. Lee කිව්වා.

 
ජන්කුක්ගේ  කට මාළුවෙක්ගේ වගේ අරුනා. "මොකක්? ඒත් මං papers වගේකට sign කරා ? අනික ඒවා පැහැදිලිවම divorce papers!"

𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️Where stories live. Discover now